ලබන මාසය වන විට Sony සමාගම විසින් මිලදී ගත් චිත්‍රපට සහ සන්දර්ශන සිය ගණනක් user library තුළින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මීට වසරකට පෙර playstation store හි චිත්‍රපට හා රූපවාහිනී වැඩසටහන් විකිණීම නවත්වා තිබුණත්
පාරිභෝගිකයින් හට ඔවුන් මිලදී ගෙන තිබූ චිත්‍රපට හා එවැනි අන්තර්ගතයන් නැරඹීමේ අවස්ථාව එම සමාගම විසින් පාරිභෝගිකයන් හට ලබා දී තිබුණා. එහෙත් දැන් එය වෙනස් කිරීමට එම සමාගම කටයුතු කර තිබෙනවා.
playstation වෙබ් අඩවියේ,
ජර්මානු හා ඔස්ට්‍රේලියානුවන් තබා ඇති නවතම දැනුම්දීම්වලට අනුව,
sony සමාගම විසින් චිත්‍රපට හා එවැනි අන්තර්ගතයන් සිය ගණනක්
ඉවත් කරමින් සිටිනවා. මේ හේතුවෙන් චිත්‍රපට මිලදීගත් අයට පවා ඒවා නැරඹීමට හා ඒවාට ප්‍රවේශ වීමට නොහැකි වෙනවා. මේ නිසා අගෝස්තු 31වන විට ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයන්ට එවැනි අන්තර්ගත 137ක් අහිමි වන අතර ජර්මනියට Apocalypse now, John wick,
Robocop වැනි විශාල අන්තර්ගතයන්
317ක් නැරඹීමේ අයිතිය අහිමි වී යනවා.
තවද Sony සමාගම අන්තර්ගත සපයන්නන් සමග ගිවිසුම් ඇතිකරගෙන තිබෙනවා.මේ නිසා ඔවුන්ට අන්තර්ගත
ඉවත් කිරීමට සිදු වී තිබෙනවා.එමෙන්ම Sony සමාගම හිරුබැසයන චිත්‍රපට (sunset movie) බෙදාහැරීමේදී බලපත්‍ර ගාස්තු ගෙවීමද නතර කර තිබීම නිසා
Sony සමාගම පසුගිය මාර්තු මාසයේ දී සිය අන්තර්ගතයන් විකිණීම නවත්වා තිබෙනවා.
එමෙන්මstreaming content සපයන්නන් විසින් කාලයත් සමග සිය අන්තර්ගතයන් ඉවත් කිරීම සිදු කරනවා.එහෙත් sony සමාගමෙන් පරිශීලකයින් විසින් ලබාගත් අන්තර්ගත සදහා නැවත මුදල් ලබාදීම පිළිබඳවද සදහන් කර නැත.එම හේතුව නිසා sony හි සේවා ගිවිසුම මෙවැනි අවස්ථා නිසා නීතිමය ක්‍රියාමාර්ග වලින් වන්දි ගෙවීමටද ඉඩ තිබෙනවා.
written by :- Saminda Randika









Leave a Reply
View Comments