Categories

Sony සමාගමට එරෙහිව මිලියන නමයක පිරිසක් නඩු පවරයි

මිළ අධික ලෙස games සහ in-game-purchases මගින් පරිශීලකයන්ගේ මුදල් සූරා කෑ බවට Sony සමාගමට එරෙහිව මිලියන නමයක හිමිකරුවන් විසින් පවුම් බිලියන 5ක නඩු පවරා තිබෙනවා. . ක්‍රීඩා සංවර්ධකයින්ට සහ ප්‍රකාශකයන්ට අසාධාරණ නියමයන් සහ කොන්දේසි පැනවීමත්, පාරිභෝගිකයින්ගේ මිල වැඩි කිරීමට බල කරමින් එහි වෙළඳපල බලය අනිසි ලෙස භාවිතා කරමින් තරඟකාරී නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් sony සමාගමට චෝදනා කරන මෙම නඩුව මෙහෙයවන්නේ rights champion Alex Neill විසිනුයි.

Sony සමාගම විසින් PlayStation Store හරහා සිදු කරන ලද සෑම ඩිජිටල් ක්‍රීඩාවක් සහ in-game-purchases සඳහා 30% ක කොමිස් මුදලක් අය කර ගෙන තිබෙනවා. එසේම පසුගිය වසර හය තුළ පාරිභෝගිකයින්ගෙන් ඔවුන්ගේ ඩිජිටල් ක්‍රීඩා මිලදී ගැනීම් සඳහා පවුම් බිලියන 5 කට වැඩි මුදලක් අය කරගෙන ඇති බවට නීතිමය ක්‍රියාමාර්ග ප්‍රකාශ කර තිබෙනවා.

සිකුරාදා තරඟ අභියාචනා විනිශ්චය සභාවට ගොනු කරන ලද හිමිකම් පෑමට අනුව, 2016 අගෝස්තු 16 සිට ඔවුන්ගේ කොන්සෝලයේ හෝ PlayStation Store හරහා ඩිජිටල් ක්‍රීඩා හෝ ඇඩෝන අන්තර්ගතයන් මිලදී ගෙන ඇති එක්සත් රාජධානියේ ඕනෑම අයෙකු මෙම හිමිකම් පෑමට ඇතුළත් වන අතර වන්දි ලබා ගැනීමටද හිමිකම පවතිනවා. ඒ අනුව එක් සාමාජිකයකුට ඇස්තමේන්තු කර ඇති මුදල £67 සහ £562 අතර වෙනවා.

source:-
NEWS.SKY

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.