Categories

සඳ මත න්‍යෂ්ටික බලාගාරයක් පිහිටුවීමට නාසාගෙන් සැලසුම්..!

 

මෙලෙස NASA සහ බලශක්ති දෙපාර්තමේන්තුව විසින් සඳ මත න්‍යෂ්ටික බලය සැපයීම සඳහා විඛණ්ඩන මතුපිට බල පද්ධතියක් සඳහා සැලසුම් සකස් කිරීම සඳහා සමාගම් තුනක් තෝරාගෙන කොන්ත්‍රාත් ලබාදී තිබෙනවා.⁣එම සමාගම් Lockheed Martin, Westinghouse and IX වන අතර එය x-Eneegy හා imtutive Machines අතර හවුල් ව්‍යාපාරයක් ද වනවා.

මෙම සෑම මාස 12ක කොන්ත්‍රාත්තුවක්ම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 5ක් වටින අතර, චන්ද්‍ර පෘෂ්ඨය මත අවම වශයෙන් වසර 10ක්වත් පැවතිය හැකි කිලෝවොට් 40ක පන්තියේ විඛණ්ඩන බල පද්ධතියක මූලික සැලසුමක් මෙම කොන්ත්‍රාත් තුලින් අපේක්ෂා කරනු ලබනවා.

මේ පිලිබදව අදහස් දැක්වූ NASA හි අභ්‍යවකාශ තාක්ෂන මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සහකාර පරිපාලක Jim Reuter පැවසුවේ “මෙම මුල් සැලසුම් සංවර්ධනය කිරීම මිනිසාගේ දිගුකාලීන මානව පැවැත්ම වෙනත් ලෝකවල බලගැන්වීම සඳහා පදනම දැමීමට උපකාරී වනු ඇති බවයි.

අභ්‍යවකාශ ඒජන්සිය 2018 දී අතේ ගෙන යා හැකි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක බල පද්ධතියක් පෙන්නුම් කළ නමුත් එම උපකරණයට විදුලි බලය නිපදවිය හැකි වූයේ කිලෝවොට් 10ක් පමණි. ඒ සදහා ඝන, වාත්තු යුරේනියම්-235 ප්රතික්රියාකාරක හරයක් භාවිතා කර තිබූ අතර දළ වශයෙන් paper towel රොලක් තරම් ප්‍රමාණයකින් යුක්ත වූණා.

එලෙසම ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ මෙහෙයුම් සඳහා භාවිතා කළ හැකි න්‍යෂ්ටික ප්‍රචාලන තාක්ෂණයන් සඳහා වන යෝජනා භාර ගැනීම ආරක්ෂක දෙපාර්තමේන්තුව පසුගිය වසරේ ආරම්භ කෙරුවා. ඒ පෘථිවි කක්ෂයෙන් ඔබ්බට ගමන් කරන ඊලඟ පරම්පරාවේ අභ්‍යවකාශ යානා සඳහා දැනට පවතින සූර්ය සහ විද්‍යුත් පාදක ප්‍රචාලන පද්ධති ප්‍රමාණවත් නොවන නිසායි.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.