Categories

Meta විසින් facebook සහ instragram සදහා 3D avatars හදුන්වා දෙයි

2020 වසරේදී meta විසින් avatars හදුන්වා දෙනු ලැබුවා. ඒවගේම ඒවා facebook සහ massenger යන දෙකේම ස්ටිකර්,profile picture සහ තවත් බොහෝ දේ සදහා භාවිතා කරන්න පුලුවන් වුණා.
දැන් Meta විසින් 3D avatars හදුන්වා දී තිබෙන අතර ඒවා facebook,massenger සහ instragram කියන ඇප්ස් හරහා ඉන්දියානු පරිශීලකයන් හට ලගාවී තිබෙනවා.

ඔයාට දැන් මේ නවතම  3D Avatars  Facebook, Messenger, සහ Instagram තුළ stickers, feed posts ලෙසත්, facebook තුළ profile picture සදහාත්, පළමු වතාවට  Instagram Stories සහ DMs වලත්  මේ  avatars භාවිතා කරන්න පුලුවන්.

ඒවගේම ඔයාට මේ avatars GIF හෝ වීඩියෝ රීල් එකක් ලෙස යැවීමටත්, මේවා GIF, ස්ටිකර්, ඉමෝජි ලෙස වෙනත් කෙනෙකුගේ පළ කිරීම්වලට අදහස් දැක්වීමේ ක්‍රම ලෙසත් භාවිත කරන්න පුලුවන්.

නව 3D avatars සදහා නව hair colors, skin colors, accessories, තවත් face shapes, expressions, dressing options සහ තවත් දේ ඇතුළත් වෙනවා.එසේම ආබාධ සහිත පුද්ගලයින් නියෝජනය කිරීම සඳහා ශීර්ෂ ආධාරක (තනි කන හෝ කන් දෙකම), රෝද පුටුවක්, කොක්ලියර් බද්ධ කිරීම් සහ තවත් දේවල් ව්කතු කිරීමටත් අවස්ථාව තිබෙනවා.

facebook වල avatars හදාගන්නේ කොහොමද ?

  • menu option එක  tap කර පහලට යවා see more එක tap කරන්න.
  • දැන් avatars එක select කරන්න. ඊට පස්සෙ ඔයාට අවශ්‍ය විදියට avatars සකසගන්න පුලුවන්.

instragram වල avatars හදාගන්නේ කොහොමද ?

  • profile section තුල settings වෙත ගොස් account option වෙත යන්න.
  • දැන් avatars තෝරා ස්ක්‍රීන් එකේ තියෙන step ටික අනුගමනය කර avatars එකක් create කරගන්න.
Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.