Categories

Iphone 14 හි කැමරා දෝෂයට අමතරව තවත් දෝෂ රැසක්..

මැතක නිකුත්වූ Iphone 14 හා 14 pro කියන්නෙ බොහෝ කතාබහට ලක්වූ ජංගම දුරකථනයක්. නිකුත් වීමෙන් පසු පරිශීලකයන් Third party app සමග එහි කැමරා Moduleඑක ඝෝෂාකාරී ශබ්දයක් සමගින් දරුණු සෙලවීමක් වාර්තා කර තිබුණා.

කෙසේ නමුත් නව Update එකක් සමගින් ඇපල් එම ගැ⁣ටලුව නිරාකරණය කරත් අනාගත යාවත්කාලීන හරහා තවත් දේවල් නිවරදි කිරීමට අවශ්‍ය වනු ඇති බව පෙනෙන්නේ තව තවත් ගැටලු පරිශීලකයන් විසින් වාර්තා කිරීම නිසායි.

මෙම වාර්තා වු නව ගැටලු අතර auto restart වීම හා Network ගැටලු ඇතුලත් වනවා.

ඒ අනුව සමහර පරිශීලකයන් දුරකථනය ආරෝපණය කිරීමේදී අහඹු ලෙස එය සෑම විනාඩි 10කට වරක් Restart වන බව වාර්තා කලේය.
එලෙසම තවත් පරිශීලකයන් කිහිපදෙනෙක්ද iOS 16.0.1 හා 16.0.2 යන දෙකෙහිම රැහැන් රහිත හා රහැන් සහිත ආරොපණයන් තුලද එම ගැටලුවම අත්විදි බවට වාර්තා විය.

එක් ප්‍රකාශයකයෙක් පවසා තිබුනේ Apple Support, DFU හෝ Recovery Mode සමඟ backup එක සම්පූර්ණයෙන්ම restore කිරීම, optimized charging අක්‍රිය කිරීම හා Eufy යෙදුම uninstall කිරීම යෝජනා කල නමුත් ඒ කිසිවක් සාර්ථක නොවුනි.
කෙසේ නමුත් background app refresh disable කිරීම මගින් ගැටලුව විසදා තිබුණි.

සොයාගෙන ඇති අනෙක් ගැටලුව නම් සමහර Verizon පාරිභෝගිකයින්ගේ 5G සෙලියුලර් connection දුර්වල වීම හා ඇමතුම් අහඹු ලෙස පහත වැටෙන බවත්ය.

Verizon හි ජාල ආවරණය මෙහි වරදක් නොවන අතර, බලපෑමට ලක් වූවන්ගෙන් කිහිප දෙනෙකු පවසන්නේ වෙනත් උපාංගවලදී එම ගැටලුව අත්වින්දේ නැති බවයි.
Verizon ජාලයේ iPhone 14 Pro සමඟ අඩුම තරමින් පුද්ගලයන් 100ක් අඩු 5G වේගයක් වාර්තා කර තිබුනි.

 

Source – macrumors

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.