Categories

ඊශ්‍රායල-පලස්තීන ගැටුමේ ඉතිහාසය

දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජාතීන් විසින් 1947 දී පලස්තීනය ප්‍රාන්ත දෙකකට බෙදීමට ඡන්දය ප්‍රකාශ කළ අතර, 1948 දී ඊශ්‍රායලය පිහිටුවීම නිසා යුද්ධයක් ඇති වීමෙන් පලස්තීනුවන් 700,000ක් පමණ අවතැන් වී තිබුණා.

1948 - A History of the First Arab-Israeli War - Benny Morris - Book Review  - The New York Times

මෙසේ අවතැන් වූ පලස්තීනුවන්ව පලවා හරිමින් ඔවුන්ට නැවත පැමිණීමට ඉඩක් පවා ලබා නොදුන් අතර, ඊශ්‍රායලයේ රැඳී සිටි පලස්තීනුවන් හට හමුදා පාලනය යටතේ විවිධ වෙනස්කම් වලට මුහුණ දීමට සිදු වුණා. එසේම ඔවුන්ට ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් පවා අහිමි වී තිබුණා.  Nakba “ව්‍යසනය” ලෙස හඳුන්වන මෙම සිදුවීම ඔවුන්ගේ ඉතිහාසයේ වඩාත් කම්පන සහගත සිදුවීමක් ලෙස සළකනු ලබනවා.

Nakba - Wikipedia

ඒ අනුව 1964 දී පලස්තීන කණ්ඩායම් විසින් Yasser Arafat ගේ නායකත්වයෙන් යුක්ත Palestine Liberation Organization ආරම්භ කරනු ලැබුවේ සන්නද්ධ අරගලයක් සිදු කිරීමට සහ ඊශ්‍රායලය වෙනුවට අරාබි රාජ්‍යයක් පිහිටුවීම සඳහායි.

Palestine Liberation Organization - Wikipedia

1967 දී ඊශ්‍රායලය විසින්  ඊජිප්තුව, ජෝර්දානය සහ සිරියාව තමන්ව ආක්‍රමණය කිරීමට සූදානම් බව පවසමින් ඔවුන්ට එරෙහිව පූර්ව භංග ආරක්ශක යුද්ධයක් දියත් කළ අතර, අරාබි ආණ්ඩු පුදුමයට පත් කරමින් ඔවුන් ඊජිප්තුවෙන් සීනායි අර්ධද්වීපය සහ ගාසා තීරය, සිරියාවෙන් ගෝලාන් කඳුකරය, ජෝර්දානයෙන් බටහිර ඉවුර සහ නැගෙනහිර ජෙරුසලම අත්පත් කරගනු ලැබුවා.

Hamas group explained: Here's what to know about the group behind the  deadly attack in Israel

1987 වසරේදී අනෙකුත් ඉස්ලාම්වාදීන් සමග සන්ධානගතව Hamas පිහිටුවා ගනිමින් පුණ්‍යාතනයක් ලෙස සහයෝගය ලබා ගෙන තිබුණා. ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ඉස්ලාමීය ව්‍යාපාරවල නැගී සිටිම ප්‍රතික්ශේප කළත් PLO සඳහා ඇති සහය යටපත් කිරීමේ මාර්ගයක් ලෙස පිළි ගනිමින් Hamas සංවිධානයට නිදහසේ ක්‍රියාත්මක වීමට ඉඩ ලබා දී තිබූ අතර ඊශ්‍රායලය විසින් ඔවුන්ට ගාසා තීරයේ ඉස්ලාමීය විශ්ව විද්‍යාල නිර්මාණය කිරීමට පවා අනුමැතිය ලබා දී තිබුණා.

What Is Hamas? | Council on Foreign Relations

ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ යුදෙව් ජනාවාස ව්‍යාප්ත කරමින් අරාබි ඉඩම් අත්පත් කරගැනීමේදී පවා පලස්තීන ජනතාව තමා යටතේ සිටින අය බවට ඊශ්‍රායලය සැළකූ අතර ඊශ්‍රායලය තුළදී පලස්තීනුවන්ව බොහෝ දුරට ශ්‍රමයන් ලෙස සළකනු ලැබුවා.

 

කෙසේ වෙතත් 1987 වසරේදී එම මිත්‍යාව බිඳ දමමින් තරුණ පලස්තීනුවන් නැගී සිටිය අතර සමූහ ගල් ප්‍රහාරවලින් මෙන කැරැල්ල ඇති වී තිබුණා. මහා පරිමාණ අත් අඩංගුවට ගැනීම් සහ සාහසික දඬුවම් මගින් ඊශ්‍රායල හමුදාව මෙයට ප්‍රතිචාර ලබා දුන්නා.

BBC NEWS | Middle East | 1987: First Intifada

1993 දී ඊශ්‍රායලය සහ PLO අතර රහස් සාකච්ඡා මගින් සාම සාකච්ඡා ඇරඹුණු අතර පලස්තීන රාජ්‍ය මූලදර්මය පිළි නොගත්තත්, පලස්තීන ජනතාවගේ අයිතිය සපුරාලීමේ අරමුණින් එවකට ඊශ්‍රායල අගමැති Yitzhak Rabin විසින් Arafat සමග ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා.

From the archive, 10 September 1993: Israel and Palestine reach historic  agreement | Israel | The Guardian

ඒ අනුව මෙම ඔස්ලෝ ගිවිසුම් හරහා පලස්තීන ජාතික අධිකාරිය පිහිටුවන ලද අතර බටහිර ඉවුරේ සහ ගාසා තීරය සඳහා සීමිත ස්වයං පාලනයක් ලබා දී තිබුණා.  කෙසේ වෙතත් පලස්තීන ජනාවාස සහ සරණාගතයින්ගේ පැමිණීමේ අයිතිය පිළිබඳ ගැටළු  නොවිසඳී ඒ වන විටත් සාකච්ඡා මට්ටමේ පැවතුණා.

 

අවසානයේ එම සාම සාකච්ඡා අසාර්ථක වෙමින් හමාස් විසින් ඊශ්‍රයල සිවිල් වැසියන්ට එරෙහිව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ අතර ඊශ්‍රායල හමුදා ඊට එල්ල කළ ප්‍රති ප්‍රහාර සමග නැවත වරක් ඊශ්‍රායල පලස්තීන ගැටුම් තීව්‍ර තත්වයට පත් වුණා.

On this day in 2005: Israel completes disengagement from the Gaza Strip -  Israel News - The Jerusalem Post

2005 දී මෙම කැරැල්ල අවසන් වන විට පලස්තීනුවන් 3,000 කට වැඩි පිරිසක් වගේම ඊශ්‍රායල ජාතිකයින් 1,000කට වැඩි පිරිසක් මිය ගොස් තිබුණා. මෙම කැරැල්ලේ ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායලය විසින් ගාසා හී ජනාවාස වසා දැමීමට තීරණය කර තිබුණා.

2006 වසරේදී හමාස් විසින් මැතිවරණය ජයග්‍රහණය කරමින් ගාසා තීරයේ පාලනය අත්පත් කරගත් අතර හමාස් නායක ඉස්මයිල් හමානියාව අගමැති බවට පත් කර තිබුණා.

Hamas and the 2006 Palestinian Elections - CJPME - English

මෙයට එරෙහිව ඊශ්‍රායලය විසින් පලස්තීන පාර්ලිමේන්තුවේ හමාස් සාමාජිකයින් අත් අඩංගුවට ගනිමින් ගාසා තීරයට එරෙහිව සම්බාධක පනවනු ලැබුවා.

 

එතැන් සිට හමාස් විසින් ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කළ අතර  මේ වන විට (2023) එම සටන් නැවත උග්‍ර අතට පත් ව තිබෙනවා. එක්සත් ජනපද ජෝ බයිඩන් ඊශ්‍රායලයට පක්ශව සහය පළ කර තිබුණා.

How will the Israel-Hamas war end? Here are several possible outcomes

Israel-Hamas war updates: Gaza under 'total blockade', refugee camp hit |  Israel-Palestine conflict News | Al Jazeera

මේ වන විට පකස්තීන ඊශ්‍රායල පුද්ගලයින් 3000 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර පුද්ගලයන් 5183 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.