පහුගිය වසරේ Samsung සමාගම අභිබවා ලොව විශාලතම ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයා විදිහට Xiaomi පත් වූනා මතක ඇති. ඒ කොහොම උනත්, ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් 10 ගත්විට මෙම කිසිදු සමාගමකට Apple අභිබවා යාමට නොහැකි වුණා.
2021 අවුරුද්දෙ වැඩියෙන්ම අලෙවි වු දුරකථන 10ගත්තොත් පලමු සිථානයේ රැදි සිටින්නෙ iPhone 12 දුරකථනයයි.
පිළිගත් වෙළඳපල පර්යේෂණ ආයතනයක් වන Counterpoint Research මෑතකදී ලොව වැඩියෙන්ම අලෙවි වන ස්මාර්ට්ෆෝන් ලැයිස්තුව ප්‍රකාශයට පත් කළ අතර සමස්ත අලෙවියෙන් 2.9%ක් සමඟ වෙළෙඳපොළේ ජනප්‍රියම උපාංගය වූයේ iPhone 12 දුරකථනයයි.
මීට අමතරව iPhone 12 Pro Max (2.2%), iPhone 13 (2.1%), iPhone 12 Pro (2.1%) සහ iPhone 11 (2.0%) අගයන් සමගින් පළමු ස්ථාන පහ තුළ පෙරමුණ ගැනීමට iPhone වලට හැකියාව ලැබුණා.

එලෙසම iPhone SE 2020 සහ iPhone 13 Pro Max පිළිවෙලින් අටවන සහ නවවන ස්ථානවල රැදී සිටිනවා.
පුදුමයකට මෙන්, iPhone 11 පළමු පස් දෙනා අතර රැඳී සිටීමට හැකි විය. එයට හේතුව Apple විසින් iPhone 11 Pro සහ 11 Pro Max අත්හිටුවීමයි.
මෙලෙස අත්හිටුවීමත් සමග මෙහි විශාල මිල අඩුවීමක් ඉන්දියාවේ දක්නට ලැබුණා.
සැම්සුන් හට මෙම වසර විශිෂ්ටම එකක් නොවුනු බව පෙනෙන්නේ ලැයිස්තුව තුල Galaxy A12 දුරකථනය පමණක් ස්ථානයක් තහවුරු කරගෙන ඇති නිසා. ඒ හා සමානව, Xiaomi ට ද Apple සමඟ තරඟ කිරීමට නොහැකි වු අතර Redmi 9 සහ Redmi 9A පමණක් ලැයිස්තුවේ ස්ථාන කිහිපයක් ලබා ගනිමින් සමාගමේ සමස්ත ස්මාර්ට්ෆෝන් අලෙවියට 22% ක දායකත්වයක් ලබා දී තිබුණා.
විශේෂම දේනම් මෙම වසරේදී Apple විසින් 120Hz ProMotion Displays සහ එහි iPhone 14 ශ්‍රේණියට විශාලතම RAM Upgrade ගෙන එන බව පැවසීමයි.
ඉතින් පහුගිය වසරේ වගේ මේ වසර තුලත් iphone
තමන්ගේ ස්ථානය තහවුරු කරගනීද…?











Leave a Reply
View Comments