Google විසින් තම Search engine සඳහා AI එකතු කිරීමේ සැළසුම් එළි දක්වලා තියෙනවා. ඒ අනුව පුද්ගලයින් සිදු කරන ගූගල් සර්ච් වලදී Google මගින්, ChatGPT ආකාරයටම Text-generated answers පරිශීලකයන්ට ලබා දෙනවා.

ඒ වගේම Google විසින් පරිශීලකයන් සඳහා ප්‍රශ්ණ සහ පිළිතුරු සංවාදාත්මක Chat පහසුකමක් ද ලබා දෙන අතර ඒ හරහා පරිශීලකයන් හට සංචාර, කෑම වට්ටොරු, ආපනශාලා වැනි දේ පිළිබඳව තොරතුරු දැනගැනීමටද ඉඩකඩ ලැබෙනවා.


ප්‍රති නිර්මාණය කරන ලද Google search අතුරුමුහුණත සාමාන්‍ය පරිදිම search කිරීම ඇතුළත් වන අතර search කිරීමෙන් පසුව AI generated පිළිතුර search results හී දිස් වනු ලබනවා.
මෙය වසර 25ක Google search engine ඉතිහාසයේ විශාළතම ප්‍රතිසංස්කරණය වන අතර Google විසින් මෙය 1998 දී නිකුත් කළ දා සිට කිසිම වෙනස් කිරීමක් සිදු කර තිබුණේ නැහැ.
Google විසින් ඔවුන්ගේම Bard නමින් AI chatbot එකක් නිර්මාණය කර තිබූ පසුබිමක මෙයත් නිකුත් කරීම විශේෂත්වයක්. කොහොම වුණත් මේ පද්ධති දෙකම බලගන්වා තිබෙන්නේ paLM2 නම් විශාල භාශා ආකෘතියකිනුයි.
දැනට මෙය පර්යේශණ මට්ටමේ තිබෙන අතර මෙය මුලින් ලබා ගැනීමට හැකියාව පවතින්නේ wait list හරහා සීමිත එක්සත් ජනපද පරිශීලකයන්ට පමණයි











Leave a Reply
View Comments