Categories

ලොව ප්‍රථම වතාවට මිනිස් මොළයෙන් ක්ෂුද්‍ර ප්ලාස්ටික් සොයාගනියි

නව අධ්‍යනයකට අනුව, නාසයට ඉහළින් ඇති මොළයේ පටක වල ක්ෂුද්‍ර ප්ලාස්ටික් සොයාගෙන තිබෙනවා.

ඒ දැනටමත් මිනිස් සිරුරේ සෑම ඉන්ද්‍රියකින්ම පාහේ මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් සොයාගෙන ඇති පසුබිමකයි.

වයස අවු 33ත් 100ත් අතර මියගිය පිරිමි මළ සිරුරු 15ක සහ කාන්තාවන් තිදෙනෙකුගේ මොළය විශ්ළේෂණය කළ පර්‍යේශකයන් විසින් සොයාගෙන තිබෙන්නේ ඔවුන්ගේ මොළයේ සුවඳ සකසන කොටස වන Olfactory Bulb හී පටක තුළ අඩංගු ක්ෂුද්‍ර ප්ලාස්ටික් වර්ග 8ක් තිබූ බවටයි.

ඒ අනුව Olfactory bulb තුළ ක්ෂුද්‍ර ප්ලාස්ටික් තිබීම, ඒවා මොළයේ අනෙකුත් කොටස් කරාද ගමන් කළ හැකි විභව මාර්ගයක් විය හැකි බවටද පර්‍යේශකයන් සඳහන් කරනවා.

මැයි මාසයේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යනයක සඳහන් වී තිබුණේ ශරීරයේ අනෙකුත් අවයව වලට වඩා 20 ගුණයක පමණ ක්ෂුද්‍ර ප්ලාස්ටික් මොළය තුළ අඩංගු වන බවත් එය මොළයේ ස්කන්ධයෙන් 0.5%ක් පමණ විය හැකි බවටයි. කෙසේ නමුත් ඒවා එකතු වන්නේ කොතැනකද යන්න සොයාගෙන තිබුණේ නැහැ.

 

GREECE-POLLUTION-PLASTICS-ENVORONMENT-SEA

Microscopic plastic shards and fibers have been found in nearly every organ in the human body.

AFP via Getty Images

 

මෙහිදී වඩාත් සුලභ ප්ලාස්ටික් වර්ගය වී තිබුණේ පොලිප්‍රොපිලීන් වන අතර අනෙකුත් ප්ලාස්ටික් අංශු ලෙස පොලිමයිඩ්, නයිලෝන් සහ පොලීඑතිලීන් වයිනයිල් ඇසිටේට් ඇතුළත් වී තිබෙනවා.

බොහෝ ගෘහ භාණ්ඩ, ඇඳුම් පැළඳුම්, පිරිසිදු කිරීමේ නිශ්පාදන සඳහා භාවිතා කරන ඇසුරුම් සඳහා පොලිප්‍රොපොලිප්‍රොපිලීන් භාවිතා කරන අතර පොලිමයිඩ් සහ නයිලෝන් යන දෙකම ඇඳුම් රෙදිපිළි සඳහා යොදාගනු ලබනවා. එසේම මැලියම්, තීන්ත වැනි ද්‍රව්‍ය සඳහා භාණ්ඩ නිශ්පාදනයේදී පොලීඑතිලීන් යොදාගනු ලබනවා.

මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් යනු මිලිමීටර් 5ට අඩු දිගකින් යුක්ත ප්ලාස්ටික් කැබලි වන අතර ඒවා බෝතල්, ආහාර පැක්, ප්ලාස්ටික් ඇසුරුම්, වාහන අමතර කොටස් සහ සෙල්ලම් බඩු සඳහා භාවිතා කරන ප්ලාස්ටික් බිඳවැටීමෙන් නිර්මාණය වනවා.

වසරකට මිනිසෙකු විසින් අවශෝෂණය කරනු ලබන ඇස්තමේන්තු ගත ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු ප්‍රමාණය 50,000ක් බවට Guardian ව්ව්බ් අඩවිය වාර්තා කරනු ලබන අතර, අධ්‍යන වලට අනුව සාමාන්‍ය මිනිසෙකු සෑම සතියකම ප්ලාස්ටික් ග්‍රෑම් 5ක් පමණ ආහාරයට ගන්නා බවද හෙළි වනවා.

 

Source: Forbes

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.