එක්සත් ජනපදයේ තාක්ෂනික සමාගමක් වන Hubble Network විසින් තාක්ෂණයේ නව පියවරක් තබා තිබෙනවා.
ඒ Bluetooth හරහා කිලෝමීටර 600 දුරින් අභ්‍යවකාශයේ පිහිටි චන්ද්‍රිකාවක් වෙත සාර්ථකව සම්බන්ධ වීමත් සමගයි.
කිසිවකුත් කල නොහැකි යැයි විස්වාස කල මෙය හබල් විසින් සාමාන්‍ය බ්ලූටූත් චිපයක් යොදාගෙන සිදුකිරීමට සමත් වුනා.
ඒ නව Software update එකක් මගින්.
ඒ අනුව ඉදිරියෙදි චන්ද්‍රිකාවන් සමග සම්බන්ධ වීමට අවශ්‍ය වන විශේශිත දෘඩාංග අවශ්‍යතා ඉවත් කරමින් IOT device ඉතා අඩු battery drain හා Operating cost එකක් යටතේ Global network එකට සම්බන්ධ කිරීමට හැකි වනවා.
ඒ අනුව ඉදිරියෙදි ගවයින්,සුරතල් සතුන්,ලමයින් සදහා Gps සහිත smart කරපටි, හා කෘෂිකර්මාන්තය සදහා මෙම තාක්ෂණය පුළුල් වශයෙන් යෙදවීම සදහා Hubble network සමාගම විසින් අනෙකුත් පාර්ශවයන් සමග සම්බන්ධ වෙමින් අධ්‍යයනය කරමින් සිටිනවා.
Hubble විසින් එහි පලමු චන්ද්‍රිකා දෙක මාර්තු මාසයේ දියත් කල අතර මෙම වසර මැද තුන්වන චන්ද්‍රිකාව හා අගදී හතරවන චන්ද්‍රිකාවත් දියත් කර ඔවුන්ගේ ජාලය පුළුල් කිරීමට සුදානම් වනවා.
එලෙසම ඔවුන් 2025 අවසාන කාර්තුවේදී හො 2026 මුලදී චන්ද්‍රිකා 32ක් එකවැර කක්ෂගත කිරීමටත් අරමුූණු කර තිබෙනවා.











Leave a Reply
View Comments