Categories

ජපානයෙන් අපරාධ නැවැත්වීමට AI security cameras නිකුත් කරයි

ජපාන පොලීසිය විසින් ප්‍රධාන අපරාධ සිදුවීමට පෙර ඒවා නැවැත්වීම සඳහා AI enhanced security cameras පරික්ශා කර තිබෙනවා.

මෙහිදී AI කැමරා machine learning රටා හඳුනා ගැනීම් තුනකට අවධානය යොමු කරනවා. ඒ අනුව සැක කටයුතු ක්‍රියාකාරකම් සඳහා Behavior detection (හැසිරීම් හඳුනා ගැනීම) , තුවක්කු සහ අනෙකුත් ආයුධ සඳහා සඳහා Object detection (වස්තු හඳුනා ගැනීම) සහ සීමා සහිත ප්‍රදේශ ආරක්ශා කිරීම සඳහා instrusion detection (ආක්‍රමණ හඳුනා ගැනීම) මේ තුනට අයත් වෙනවා.

ජපානයේ ජාතික පොලිස් නිවේදනය රටේ පුද්ගලික අංශයේ ප්‍රවණතා අනුගමනය කරයි.  2019 දී, ජපන් ආරම්භක Vaak සිල්ලර වෙළෙන්දන්ට සාප්පු සොරකම් කරන්නන් හඳුනා ගැනීමට භාවිතා කළ හැකි මතභේදාත්මක මෘදුකාංග පිරිනැමීමට පටන් ගත්තේය.  නමුත් පුරෝකථනය කරන ලද පොලිස්කරණය වාර්ගික සහ අනෙකුත් පක්ෂග්‍රාහීත්වය පිළිබඳ උත්සුකයන් අවුලුවා ඇත

ජපාන පොලිස් නිළදාරීන් පවසන්නේ 2024 මාර්තු වලට පෙර ඔවුන්ගේ AI test program එක දියත් කරන බවයි.

මෙම AI behavior detection machine learning algorithm එකට සැක සහිත පුද්ගලයින්ගේ රටා නිරීක්ශණය කිරීමට හැකි වන අතර එහිදී නොසන්සුන්කම, වේගවත් අක්ශි චලනය සහ වෙනත් වැරදි සහගත මනසක ලක්ශණ සහ හැසිරීම් කෙරෙහි අවධානය යොමු කරනවා.

එසේම AI Object detection මගින් ගිනි අවි සහ වෙනත් ආයුධ සහ සැක සහිත භාණ්ඩ හඳුනාගත හැකි අතර Instrusion detection හරහා අනවසර ඇතුළු වීම් හඳුනා ගැනීමට හැකි වෙනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.