Categories

පුද්ගලයින් 5 දෙනෙකු සමග අතුරුදහන් වූ ටයිටන්ගේ සියලු විස්තර

පසුගිය සදුදා දින ටයිටැනික් හි සුන්බුන් ගවේශනයට ගිය සංචාරක සබ්මැරීනයක් පුද්ගලයින් 5 දෙනෙකු සමග අතුරුදහන් වී තිබෙනවා.

සංචාරක සමාගමක් වන ඕෂන්ගේට් විසින් මෙම සංචාරය සැලසුම් කර තිබු අතර සුන්බුන් දක්වා මීටර් 3, 800 (අඩි 12, 500) ගැඹුරක දින අටක සංචාරයට එක් ටිකට් පතකට $250 000ක් අය කර තිබෙනවා.
මගින් 5කට ගමන් කල හැකි මෙම සබ්මැරීනය තුල දින හතරක් දක්වා හදිසි ඔක්සිජන් සැපයුමක් පවතිනවා.
දේශීය වේලාවෙන් උදෑසන 8ට දියත් කල මෙම සබ්මැරීනය සවස 3ට මතුවනු ඇතඅයි අපේක්ෂා කලද දියත් කර පැයක් හා විනාඩි 45 කින් පසු එනම් 9. 45ට පමණ සබ්මැරීනය සමග තිබු සම්බන්ධතාව නැතිවි ගොස් තිබෙනවා.
එයින් පැය 8කට පමණ පසු එනම් 5.45ට පමණ ගැටලුව වෙරළ ආරක්ෂකයින් වෙත දන්වා ඇති අතර පසුව බොස්ටන්හි ඒජන්සියේ අණදෙන මධ්‍යස්ථානය සෙවුම් පරීක්ෂන ආරම්භ කර තිබෙනවා.

ටයි⁣ටැනික් නෞකාවෙහි සුන්බුන් නිව්ෆවුන්ඩ්ලන්ඩ් හි ශාන්ත ජොන් නගරයට සැතපුම් 435ක් දකුණින් ඇති නමුත් ගලවා ගැනීමේ මෙහෙයුම් රජයේ ආයතන, එක්සත් ජනපදය හා කැනේඩියානු නාවුකයික් හා සමාගම් එක්ව මැසචුසෙට්ට් හි බොස්ටන් සිට ආරම්භ කර තිබෙනවා. එලෙසම මෙම මුදවාගැනීම් සදහා ගුුවන් යානා දෙකක් සබ්මැරීනයක් හා තවත් යාත්‍රාවන් සම්බන්ධ වී තිබෙනවා.

Titan submersible from OceanGate
ඕෂන්ගේට් ඔවුන් සතුව ඇති සබ්මැරීන් තුනක් ලැයිස්තු ගත කර ඇති අතර එයින් ටයිටැනික් දක්වා කිමිදිමට හැක්කේ ටයිටන් සබ්මැරීනයට පමණකි. ⁣
යාත්‍රාව රාත්තල් 23 000 ක් බර අතර අඩි 13 100ක් දක්වා ගැඹුරකට ලගාවිය හැකියි.

කෙසේ නමුත් ඔවුන් ටයිටැනික් වෙත ලගාවී නැවත ඒමට ක්‍රමයක් නොමැතිව සිටිනම් පර්යේෂකයන් පවසන්නේ බේරාගැනීමේ විකල්ප ඉතා සීමිත බවයි.

සබ්මැරීනය තුල පහත පුද්ගලයින් 5 දෙනා ගමන් කර තිබෙනවා.

58 හැවිරිදි බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයෙක් හ ගවේශකයෙක් වන හාමිශ් හාඩිං

48 හැවිරිදි බ්‍රිතාන්‍ය ව්‍යාපාාරිකයෙක් වන ෂසාඩා ඩවුඩ් හා ඔහුගේ පුත් සුල්මන් ඩවුඩ්

77 හැවිරිදි මිස්ටර් ටයිටැනික් ලෙස හදුන්වන පෝල් හෙන්රි නර්ගොලට්

61 හැවිරිදි ඕෂන්ගේට්හි ප්‍රධාන විධායක ස්ටොක්ටන් රෂ්

 

අගහරුවාදා දීන සෙවුම් ප්‍රදේශයේ යම් ශබ්දයක් නැගී තිබු අතර මිනිත්තු 30ක කාල පරතරයකින් එය සොනාර් වලට හසුවී තිබෙනවා.

කෙසේ නමුත් ශබ්ධයට පසු අමතර සොනාර් භාවිත කර ශබ්දයක් නැගෙනු ඇතැයි බලාපොරොත්තු වු අතරම දුරස්ථව ක්‍රියා කරන යාත්‍රා (ROVs) දියත් කලද බලාපොරෙත්තු සුන් කරමින් කිසිවක් සොයාගැනීමට ඔවුන් අසමත් වී තිබෙනවා.

 

 

A map showing the mothership Polar Prince's known movements

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.