Categories

වසර 9කට පසු Meta විසින් Messenger නැවත Facebook ඇප් එක වෙත ගෙන එයි

ෆේස්බුක් ඇප් එකෙ ඉදන්ම පණිවිඩ යැවීමේ හැකියාව තිබුනොත් කොහොම වෙයිද..?

ඇත්තෙන්ම වසර නමයකට කලින් ඒ හැකියාව Facebook ඇප් එක තුල පැවතියා. නමුත් පණිවිඩ යැවීමේ හැකියාව වඩාහොද තත්වයකට රැගෙන ඒම සදහා Facebook විසින් Messenger වෙනම ඇප් එකක් බවට පත් කෙරුනා.

කොහොම උනත් Messenger වෙනම යෙදුමක් බවට පත්කර වසර 9කට පසු නැවත Meta විසින් මෙම සේවා දෙක එකට එක්කරමින් ඉන්නවා.

 Facebook ගෝලීය දෛනික සක්‍රීය පරිශීලකයින් බිලියන 2 ක සර්වකාලීන ඉහළම අගයට ළඟා වීමේ සන්ධිස්ථානය සැමරීමේ සටහනකින් Meta විසින් මෙම ප්‍රකාශය ඉදිරිපත් කල අතර
Post එක මගින් ” ෆේස්බුක් මිය ගොස් හෝ මිය යන්නේ නැත, නමුත් ඇත්ත වශයෙන්ම ජීවතුන් අතර දියුණු වෙමින් පවතී” යන්න සහතික කිරීම කෙරෙහිත් අවධානය යොමු කර තිබුණා.

වාර්තාව තුල Facebook තුළ සිට Messenger එන Chat වෙත ප්‍රවේශ වීමේ හැකියාව පරීක්‍ෂා කරමින් පවතින බවත් එය නුදුරේදීම පුළුල් කරන බවත් සඳහන් වෙනවා.

Facebook හි Tom Alison අවසාන වශයෙන් පැවසුවේ “අපට අවශ්‍ය වන්නේ Messenger යෙදුම තුළ හෝ Facebook තුළ සෘජුවම සම්බන්ධ වීමට සහ බෙදා ගැනීමට මිනිසුන්ට පහසු කරවීමටයි. යුනවෙන්.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.