Categories

AI Image model ගැන පර්‍යේශකයන් අනතුරු අගවයි

Images generate කිරිම සදහා භාවිතා කරන ජනප්‍රිය AI model වලට සැබෑ පුද්ගලයින්ගේ සහ copyrighted images තුළින් නැවත රූප ප්‍රතිනිර්මාණය කළ හැකි බව පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව ප්‍රින්ස්ටන් සහ බර්ක්ලි වැනි විශ්ව විද්‍යාලවල පර්යේෂකයන් සහ ගූගල් සහ ඩීප් මයින්ඩ් වැනි තාක්ෂණික සමාගම් විසින් කරන ලද අධ්‍යයනයෙන් හෙළි වී තිබෙන්නේ AI model වලට ඒවායේ training set වල තිබෙන පුද්ගලික දත්ත මතක තබා ගැනීමට හැකියාව තිබෙන බවයි.

පර්යේෂක කණ්ඩායම්ද ප්‍රකාශ කර තිබෙන්නේ උත්පාදක එදිරිවාදී ජාල (GANs) හා සසඳන විට diffusion AI models තුළ අවම පෞද්ගලිකත්වයක් සහ පුහුණු දත්ත වැඩි පුර කාන්දු වන බවත්, එය සංවේදී පුද්ගලික තොරතුරු අනිසි ලෙස භාවිතා කිරීමේ හැකියාව සහ බාහිර ප්‍රහාරවලට ගොදුරු වීමේ හැකියාව වැනි රහස්‍යතා අවදානම් මතු කරන බවත් ය.

මේ නිසා පර්යේෂකයන් නිර්දේශ කරන්නේ training sets තුළ ඇති duplicate images සොයාගෙන ඒවා ඉවත් කිරීම මගින් මෙම අවදානම අඩු කරගත හැකි බවයි.

source

TECHSPOT

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.