Categories

චීනයෙන් බලවත් AI Chatbot එකක් මාර්තු වලදී…..

චීනයේ ප්‍රධානතම seach engine සමාගමක් වන Baidu විසින් Ernie නමින් හදුන්වන ඔවුන්ගේ බලවත් AI Chatbot එකක් මාර්තු මාසයේදී නිකුත් කිරීමට සැලසුම් කරමින් ඉන්නවා. 2019 සිට සංවර්ධනය වෙමින් තිබෙන මෙම Ernie chatbot එක භාෂා අවබෝධය, භාෂා generate කිරීම සහ text-to-image generate කිරීම වැනි කාර්යයන් දැනට සාර්ථකව ඉගෙන ගෙන තිබෙනවා.

Baidu සමාගම පවසන්නේ මෙය search results වලට උපකාර කිරීම සදහා Baidu search engine සමග ඒකාබද්ධ කිරීමට ප්‍රථම
වෙනමම ස්වාධීන යෙදුමක් ලෙස දියත් කරන බවයි. කොහොම වුණත් google සහ එහි සේවාවන් චීනයේ තහනම් වීමෙන් පසුව Baidu නිකුත් කරන මෙම Ernie තුළින් චීන ජාතිකයින්ට උසස් තත්වයේ AI චැට්බොට් එකක් භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා.

source :-

TECHSPOT

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.