ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වට්ස්ඇප් සහ මැසෙන්ජර් ඇතුළු සමාජ මාධ්‍ය යෙදුම් හරහා බිලියන 3කට වැඩි ගෝලීය පරිශීලකයින් සිටින Meta, පාරිභෝගික සහය අතින් දුර්වල බව හැමෝම දන්නා දෙයක්..
දැන් වසර 18කට පසු Facebook මව් සමාගම වන Meta Platforms Inc. අනපේක්ෂිත ඉවත් කර ඇති Post හෝ ගිණුම් නැවත ලබාගැනීම සදහා ඉල්ලීම් කිරීමට Customer service එකක් ලබාදී තිබෙනවා.
අන්තර්ගත මධ්‍යස්ථ තීරණ ගැනීම සඳහා සමාගම කෘත්‍රිම බුද්ධිය මත දැඩි ලෙස රඳා පැවතීමත් සමග මෙම ගැටළුව තීව්‍ර වී තිබෙන අතර සමහර ගිණුම් මෙන්ම පලකිරීම්ද ස්වයංක්‍රීයව වැරදි ලෙස පැහැදිලි කරමින් ඉවත් කිරීම මෙයට හේතුවයි.
සාමාන්‍ය පරිශීලකයින් සහ කුඩා ව්‍යාපාර දැන්වීම්කරුවන් යන දෙපිරිසම පැමිණිලි කර ඇත්තේ අගුලු දැමූ, අත්හිටවූ හෝ හැක් කරන ලද ගිණුමක් නැවත ලබාගැනීම සඳහා කිසිදු පිළියමක් නොමැති බවයි.
ගිණුමක් නැවත ලබාගැනීමට සමාගම ස්වයංක්‍රීය මෙවලම් ලබා දෙන නමුත් මෙටා හි සැබවින්ම වැඩ කරන පුද්ගලයෙකු සමඟ සම්බන්ධතා ඇති කර ගැනීම දුෂ්කර වී තිබෙනවා.
අධීක්ෂණ මණ්ඩලය මගින් එහි ආරම්භයේ සිටම මෙටා වෙත විධිමත් නිර්දේශ 100කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇති අතර, යෝජිත ප්‍රතිපත්ති වෙනස් කිරීම් සහ සමාගමේ නීති තවත් භාෂාවලට පරිවර්තනය කිරීමට ඉල්ලීම්ද ඒ අතර වනවා.
මෙටා බ්‍රහස්පතින්දා එහි අන්තර්ගත බලාත්මක කිරීමේ තීරණ පිළිබඳ කාර්තුමය වාර්තාවක් ද ප්‍රකාශයට පත් කළ අතර Meta හි අන්තර්ගත ප්‍රතිපත්ති පිළිබඳ උප සභාපති Monika Bicker ට අනුව පසුගිය කාර්තුවේදී සමාගම විසින් Proud Boys නම් අන්තවාදී කණ්ඩායමට සම්බන්ධ ගිණුම්, pages සහ group 500කට ආසන්න ප්‍රමාණයක්ද ඉවත් කර තිබෙනවා.
දැනට මෙය මුල් අදියරේ පවතින නමුත් මණ්ඩලයට ලැබී ඇති අභියාචනා මිලියනකින් බොහොමයක්ම ගිණුම් සහය සදහා වන නිසාම meta මේ සදහා ඉහල ප්‍රමුඛත්වයක් දී තිබෙනවා.
Source – Bloomberg











Leave a Reply
View Comments