videoLAN හී official web site එක පෙබරවාරි 13 සිට block කර තිබෙන බව paris-based කණ්ඩායමක් මගින් ප්‍රකාශ කර තිබෙනවා. මෙය videoLAN විසින් official twitter හී tweets කිහිපයක් ඔස්සේ තහවුරු කර තිබෙනවා.
ඩිජිටල් ලිබර්ටීස් සංවිධානයක් වන ඉන්ටර්නෙට් ෆ්‍රීඩම් ෆවුන්ඩේෂන් විසින් ගොනු කරන ලද RTI ඉල්ලීමකින් පෙන්නුම් කරන්නේ රට තුළ VLC වෙබ් අඩවිය අවහිර කිරීමට හේතුව රජය නොදන්නා බවයි.
videoLAN සභාපති සහ ප්‍රධාන සංවර්ධක Jean-Baptiste Kempf සදහන් කරන්නේ ඉන්දියාවෙ සමහර ISP (Internet Service Provider) විසින් VLC Media Player වෙබ් අඩවිය block කර තිබෙන බවයි. “අපි ඉන්දියානු රජයෙන් ඇහුවා. අපට පිළිතුරක් ලැබුණේ නැහැ. අපි හරි විදියට ඇහුවෙ නැතුව ඇති. ඒත් දැන් මම නිසි ලෙස අසන විදිය දන්නවා ” යනුවෙන් කෙම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු තව දුරටත් පවසන්නේ, “අමුතුම දෙය නම් සමහර අන්තර්ජාල සේවා සපයන්නන් එය අවහිර කරත් සමහරු එසේ නොකිරීමයි. එසේ වන්නේ ඇයි? සමහර ISP රජයට ඇහුම්කන් දෙන්නේ නැද්ද?” ලෙසයි.
කෙසේ වෙතත් VideoLAN වෙබ් අඩවියට ප්‍රොක්සි වෙබ් අඩවි හරහා ප්‍රවේශ විය හැකි බව ඔවුන් සදහන් කරනවා. දැනට සිටින පරිශීලකයින්ට තවමත් Google Play සහ App Store තුළින් VLC Media Player වෙත ප්‍රවේශ වීමට හැකි වුවත් නව පරිශීලකයින්ට නිල වෙබ් අඩවිය හරහා යෙදුම බාගත කිරීමට අවසර හිමි වන්නේ නැහැ. එසේම තෙවන පාර්ශවීය මූලාශ්‍ර හරහා VLC Media Player download කිරීමට උත්සාහ කරන පරිශීලකයින්ට ආරක්ෂක අවදානමක්ද ඇති විය හැකි බව ඔවුන් තවදුරටත් කියා සිටිනවා.
source










Leave a Reply
View Comments