Categories

ඩොලර් මිලියන 2ක් වටින ලොව සිහින්ම යාන්ත්‍රික ඔරලෝසුව

ස්විස්ටර්ලන්ත සුඛෝපභෝගී ඔරලොසු නිපදවන්නෙකු වන Richard Mille වි⁣සින් ලොව සිහින්ම යාන්ත්‍රික ඔරලොසුව නිපදවා තිබෙනවා.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියුවේ
Bulgari’ ගෙ Octo Finissimo Ultra කියන ඔරලොසුව. මෙය මිලි මීටර් 1.80ක ඝනකමකින් යුක්ත වුණා.

Richard mille විසින් නිපදවූ මිලි ⁣මී⁣ටර් 1.75ක ඝනකමකින් යුතු මෙම ඔරලොසුව RMUP -01 Ferrari කියල තමයි හදුන්වන්නෙ.

ඔරලොසුව ශක්තිය එහෙමත් නැත්තම් කල්පැවැත්ම වැඩිකරන්න 90% ටයිටේනියම්, 6% ඇලුමිනියම් හා 4% වැනේඩියම් මිශ්‍ර කර හදලා තියෙන්නෙ.
මෙයට Gs 5,000 ට වැඩි ත්වරණයකට හා මීටර් 10 දක්වා ජලයටද ඔරොත්තු දීමේ හැකියාවක් පවතිනවා.
එහි චලනයන් හා කාලසටහන ක්‍රියාකාරී කරන අභ්‍යන්තර සංරචක Audemars Piguet Renaud සහ Papi නිර්මානය කල අතර Richard Mille මෙම ව්‍යාපෘතිය සඳහා Ferrari සමඟද සහයෝගයෙන් කටයුතු කර තිබුණා.

එලෙසම RM UP-01 ෆෙරාරි නිදසුන් 150 ක් පමණක් නිපදවා ඇති අතර එයින් එකක් $1,888,000 ක වටිනාකමකින් යුක්ත වෙනවා.

Source- techspot

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.