Computer basics for beginners part 01 තුළින් අපි කතා කරා computer එකක් කියන්නේ මොකක්ද, එහි කාර්‍යභාරය සහ විවිධ computer වර්ග පිලිබදව. මම හිතනවා ඔයාලට ඒ පිලිබදව යම් අවබෝධයක් එන්න ඇති කියලා. ඉතින් මෙම ලිපියෙන් තවත් කරුණු කිහිපයක් පිලිබදව ඉගෙන ගනිමු.
computer එකක hardware සහ softawe ලෙස ප්‍රධාන කොටස් 2ක් තිබෙනවා.
මොනාද මේ hardware සහ software කියන්නේ ?

ඔයා computer එකකින් කරන සියළු දේවල් මේ hardware සහ software මත රදා පවතිනවා. උදාහරණයක් විදියට web browser එකක් භාවිතා කරලා web site තුළට යන්න Mouse එක පාවිච්චි කරනවා. ඉතින් මෙතනදි ඔයා web browser එක software එකක් විදියටත් mouse එක hardware එකක් විදියටත් යොදා ගන්නවා.
Hardware

computer එකක් තුළ තිබෙන කොටස් සියල්ල hardware (දෘඩාංග) ලෙස හදුන්වන්න පුලුවන්. ඒ අනුව දෘඩාංග යනු, mouse සහ keyboard වැනි භෞතික ව්‍යුහයක් තිබෙන ( භෞතිකව ස්පර්ශ කල හැකි) පරිගණකයේ ඇති ඕනෑම කොටසක් වේ.
ඉහළ ෆොටෝ එකෙ ඔයාලට දකින්න තියෙන පරිගණකයේ කොටස් සියල්ල දෘඩාංගයි.
Software

ඔයාගේ computer එකෙන් භාවිතා කරන සියළු දේවල් software විදියට හදුන්වන්න පුලුවන්. උදාහරණයක් විදියට ඔයා පාවිච්චි කරන operating system එක (windows 7/8/10 ), web browser එක, games ආදිය මෘදුකාංගයි. ඒ අනුව මෘදුකාංග යනු, hardware සදහා මොකක්ද කරන්න ඔනි සහ කොහොමද ඒක කරන්න ඕනි කියලා පවසන උපදෙස් මාලාවකි.

software ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ system software සහ application software ලෙසයි.
01.SYSTEM SOFTWARE

syatem software කියන්නේ වෙනත් software සඳහා Platform ( වේදිකාවක්) එකක් සැපයීමට නිර්මාණය කරලා තියෙන software එකක්. system software එක operating system සහ programming language වලින් සමන්විත වෙනවා.
operating system

computer hardware කළමනාකරණය සදහා, මෘදුකාංග සදහා පොදු සේවාවන් සපයන system software එකක් විදියට මේක හදුන්වන්න පුලුවන්.
EX :- windows 7/8/10 ,linux, Mac OS
programming language

programming language කියන්නේ පරිගණකයකට හෝ පරිගණක උපාංගයකට නිශ්චිත කාර්‍යක් ඉටු කිරීමට උපදෙස් ලබා දීම සදහා භාවිතා කරන වචන සහ රීති මාලාවක්.
Ex :- BASIC, C, C++, COBOL, Java, FORTRAN, Pascal
02.APPLICATION SOFTWARE

අවසාන පරිශීලකයෙකු සදහා නිශ්චිත කාර්‍යක් ඉටු කරන මෘදුකාංග application software ලෙස හදුන්වන්න පුලුවන්.
EX :- Word processors,Graphics software, Database software, Spreadsheet software, Presentation software, Web browsers
Hardware සහ Software අතර වෙනස්කම්

ඉදිරියේදී computer basic for beginners part 03 මගින් computer components පිලිබදව සොයා බලමු.











Leave a Reply
View Comments