IT කියන්නේ වර්ථමානය වෙද්දි සියල්ලන්ම අනිවාරෙන් දැනගත යුතු දෙයක්. මොකද දැන් තියෙන රැකියා සදහා අනිවාරෙන් මූලික පරිගණක දැනුමක් හෝ අනිවාරෙන් අවශ්‍ය වෙන නිසා. ඒත් බොහො අයට තියෙන ප්‍රශ්ණයක් තමා ඒවා ඉගෙන ගන්නේ කොහොමද කියන එක. මොකද බොහොමයක් අයට මූලික පරිගණක පාඩම් ගැන ඉගෙනගන්න ක්‍රමයක් නොමැති කම.
ඉතින් computer basic for beginners මගින් බලාපොරොත්තු වෙන්නේ සරලවම කොටස් ආකාරයෙන් මේ පිලිබදව දැනුවත්බාවයක් ලබා දෙන්නයි.
- පරිගණකයක් කියන්නේ මොකක්ද ?

සරලවම කිව්වොත් දත්ත හෝ තොරතුරු හසුරුවන ඉලෙක්ට්‍රොනික උපකරණයක් විදියට අපිට මේක හදුන්වන්න පුලුවන්.
මෙයට දත්ත (data) ගබඩා (store)කිරීමට, ලබා (retrieve) ගැනීමට සහ සැකසීමට (process) හැකියාව තියෙනවා.
ඔයා දැනටමත් දන්නවා ඇති අපි පරිගණකයක් භාවිතා කරන්නේ ඇයි කියලා. ඔයාට documents යවන්න, e mail යවන්න, game ගහන්න, web එකට යන්න වගේ වැඩ ගොඩාක් පරිගණකය හරහා අපිට කරගන්න පුලුවන්.
- පරිගණකයේ කාර්යභාරය

Input (data) -> process -> Output (information)
ආදානය (දත්ත) -> සැකසීම ->ප්‍රතිදානය (තොරතුරු)
ඒ අනුව පරිගණකයේ ප්‍රධාන කාර්යය තමා දත්ත ලබා ගැනීම, එම දත්ත සැකසීම, තොරතුරු ලබා දීම සහ ඒවා ගබඩා කිරීම. ඒ නිසා අපිට දත්ත ආදානය සදහා වගේම ප්‍රතිදානය සදහාත් උපාංග අවශ්‍ය වෙනවා.
- මොනාද මේ ආදාන උපාංග සහ ප්‍රතිදාන උපාංග කියන්නේ ?

Input devices මගින් සැකසීම සදහා දත්ත පරිගණක පද්ධතියකට යවන අතර Output devices මගින් සැකසූ එම තොරතුරු ප්‍රදර්ශණය කරනු ලබනවා. ඒවගේම input/output උපාංගත් තිබෙනවා. ඒ කියන්නේ මේ උපාංග වලට දත්ත ආදානය සහ ප්‍රතිදානය යන දෙකම කරන්න හැකියාව තියෙනවා.
01.Input devices

ආදාන උපාංග වලට වෙනත් උපාංග වලට දත්ත යවන්න පුලුවන් උනත් වෙන උපාංග වලින් දත්ත ලබා ගන්න බැහැ.
- Keyboard/Mouse :- පරිශීලකයා දෙන දත්ත පරිගණකයට ආදානය කරනු ලබනවා. මේවාට ප්‍රතිදානයක් ලබා දිය නොහැකියි.
- Microphone :- ශබ්ධ පරිගණකයට ආදානය කරනු ලබනවා.
- web cam :- ඡායාරූප පරිගණකයට ආදානය කරනු ලබනවා.
02.Output devices

ප්‍රතිදාන උපාංගයකට වෙනත් උපාංග ලබා දෙන දත්ත ප්‍රතිදානය කරන්න පුලුවන්.
- Monitor :- පරිගණකයෙන් තොරතුරු ලබා ගෙන ඒවා අකුරු සහ ඡායාරූප විදියට පරිශීලකයාට පෙන්වනු ලබනවා.
- projector :- පරිගණකයෙන් තොරතුරු ලබාගෙන ඒවා බිත්තියක් හො තිරයක් වැනි මතුපිටක් මත අකුරු සහ ඡායාරුප විදියට පෙන්වනු ලබනවා.
- speakers :- පරිගණකයෙන් ශබ්ද ලබාගෙන ඒවා පරිශීලකයන්ට ඇසෙන ලෙස වාදනය කරනු ලබනවා.
03.Input/Output devices

මෙම උපාංග වලට දත්ත ආදානය සහ ප්‍රතිදානය යන දෙකම කිරීමේ හැකියාව තිබෙනවා.
- CD Drive සහ DVD Drive :- මේවා මගින් පරිගණකයේ ඇති දත්ත CD සහ DVD තුළට පිටපත් කරන්නත්, CD සහ DVD තුළ ඇති දත්ත පරිගණකයට පිටපත් කරන්නත් පුලුවන්.
- USB flash drives :- පරිගණකයක ඇති දත්ත මේවාට පිටපත් කරන්න පුලුවන් වගේම මෙහි තියෙන දත්ත පරිගණකයකට ලබා ගන්න පුලුවන්.
විවිධ පරිගණක වර්ග

පරිගණකයක් කිව්වහම ගොඩක් අයට මතක් වෙන්නේ desktop හෝ laptop වැනි පෞද්ගලික පරිගණකයක්. ඒත් ඒවා විතරක් නෙමේ පරිගණක කියන්නේ. පරිගණක විවිධ හැඩයන් සහ විවිධ ප්‍රමාණ වලින් පැමිණෙන අතර ඒවා අපේ ජීවිතයේ විවිධ කාර්යන් ඉටු කරනු ලබනවා.
ඔයා ATM එකකින් සල්ලි අරන් ඇති, keels වලින් බඩු ගන්නකොට ඒවගේ බිල් හදන්න Qr code scan කරනවා දැකලා ඇති, සමහර ඒවගේ කැල්කියුලේටර් භාවිතා කරනවා දැකලා ඇති.මේ සියල්ලම එදිනෙදා භාවිතා කරන පරිගණක වර්ග කිහිපයක්.
1. DESKTOP computer

ගොඩක් අය ගෙදරදි, පාසලේදි desktop පරිගණක භාවිතා කරනවා. මේවා සාමාන්‍යයෙන් නිර්මාණය කර තිබෙන්නේ මේසයක් මත තියන්න වගේම මෙම desktop පරිගණක computer case,monitor,keyboard වැනි කොටස් වලින් සමන්විත වෙනවා.
2.laptop computer

මේක සාමාන්‍යයෙන් බොහෝ දෙනා හදුන්වන්නෙ ලැප්ටොප් කියලා. මේක බැටරි බලයෙන් ක්‍රියාත්මක වෙනවා වගේම පහසුවෙන් එහා මෙහා ගෙනයා හැකියි.
03. tablet computer

tablet පරිගණක කියන්නේ පහසුවෙන් අතේ එහා මෙහා ගෙනයා හැකි පරිගණක වර්ගයක්. මේවාට keyboard සහ mouse වෙනුවට ටයිප් කිරීමට touch screen එකක් ඇතුළත් කර තිබෙනවා. මේවාට උදාහරණයක් තමා ipad.
04.servers

සේවාදායකයන් කියන්නේ ජාලයක අනෙක් පරිගණක සදහා තොරතුරු සපයන පරිගණක වර්ගයක්. උදාහරණයකට ඔයා අන්තර්ජාලය හරහා බලන්නේ servers තුළ store කරලා තිබෙන තොරතුරුයි. වර්ථමානයේ ගොඩක් ව්‍යාපාර අභ්‍යන්තර ගොනු බෙදාගැනීම සහ ගබඩා කිරීම සදහා local file servers භාවිතා කරනු ලබනවා.
මෘදුකාංග සහ දෘඩාංග පිලිබද ඉදිරියේදී සොයා බලමු…..











Leave a Reply
View Comments