ඔබ දන්නා කරුණක් තමයි පරිගණක උපාංග, චිප් සඳහා මේ වන විට ගෝලීය හිඟයකින් පෙළෙන බව. මේ හිඟයට අභියෝග කරමින් වොෂින්ටන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවන් ප්‍රකාශ කරේ අනාගතයේදී මී පැණිවලින් neuromorphic පරිගණක චිප් සෑදිය හැකි බවයි. ප්‍රකාශය සත්‍ය කරමින් මී පැණි භාවිතයෙන් ට්‍රාන්සිස්ටරයක් වැනි සංරචකයක් වන “memristor” මූලාකෘතියක් නිපදවීමට විද්‍යාඥයින්ට හැකි විය.
එලෙසම වොෂින්ටන් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ Feng Zhao සහ Brandon Sueoka නම් විද්‍යාඥයන් යුවලක් මෑතක දී ඔවුන්ගේ මී පැණි වලින් නිපදවූ “neuromorphic memristor” විස්තර කරමින් ගැඹුරු පර්යේෂණ වාර්තාවක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මුලින්ම Memristorහා Neuromorphic computing ගැන බැලුවොත් Memristor කියන්නෙ මිනිස් මොළයට සමාන ආකාරයෙන් දත්ත ගබඩා කර සැකසීමට හැකි ට්‍රාන්සිස්ටරයකට සමාන පරිගණක සංරචකයක්.
Neuromorphic computing කියන්නෙ ඉංජිනේරුවන් විසින් මිනිස් මොළයේ සහ ස්නායු පද්ධතියේ ඇති පද්ධති අනුව හැඩගැසුණු උසස් මූලද්‍රව්‍ය සහිත පරිගණක සංවර්ධනය කරන පරිගණක ඉංජිනේරු ක්‍රමයකි. විශේෂම දේ නම් memristor මෙහිදී ජෛව හායනයට ලක්විය හැකි, neuromorphic පරිගණක පද්ධති සඳහා මග පෑදිය හැකි නව සංරචකයක් වීම.
මී පැණි පදනම් වූ Memristor වර්ධනය කිරීම සඳහා විද්‍යාඥයන් විසින් ඝන කරන ලද සැබෑ මී පැණි භාවිතා කරන ලදී. මිනිස් මොළයේ ස්නායු සෛල දෙකක් අතර සන්ධිස්ථානයක් වන මිනිස් synapse අනුකරණය කිරීම සඳහා ඝන-ආකාර මී පැණි ඉලෙක්ට්‍රෝඩ දෙකක් අතර තබන ලදී.
සංවර්ධන ක්‍රියාවලියේ කොටසක් ලෙස, Zhao මී පැණි මත පදනම් වූ මෙම්‍රිස්ටරය මිනිස් නියුරෝනයක් සමඟ සංසන්දනය කළේය. පළමුවැන්න ලෙස එය මිනිස් නියුරෝනයට සමාන ක්‍රියාකාරීත්වයක් ඇති බවත් ප්‍රමාණයෙන් ඉතා කුඩා වන අතර එය මිනිස් හිසකෙසක් තරම් පළලකින් යුක්ත බවත් ප්‍රකාශ කළේය. එලෙසම මී පැණි මතකය මිනිස් උපාගම ක්‍රියා කරන ආකාරය සාර්ථකව අනුකරණය කළ බව පර්යේෂකයන් විසින් සොයා ගන්නා ලදී.
කොහාම උනත් මේ සංරචකත් එක්ක ක්‍රියාකාරී neuromorphic computer systems හදන්නනම් විද්‍යාඥයින්ට මෙම්‍රිස්ටරය තවදුරටත් කුඩා කිරීමට අවශ්‍ය වනවා.( ආසන්න ලෙස හිසකෙසකින් 1/1000 ලෙස)
එලෙසින්ම මේ ආකාරයට ඔවුන් නිපදවුවහොත් මිනිස් මොලයක් තුල ඇති නියුරොන ගනන මෙන් බිලියන ගණනක් memristor සහිත පරිගණක පද්ධති සංවර්ධනය කිරීමට ඔවුන්ට හැකි වනවා.
තවද, පරිගණක පද්ධති ස්වභාවික, ජෛව හායනය කළ හැකි ද්‍රව්‍යයක් වන මීපැණි භාවිතා කරන බැවින්, ඒවා වෙළඳපොලේ පවතින පරිගණක පද්ධතිවලට වඩා බොහෝ පරිසර හිතකාමී වනු ඇත.
ඒ වගේම Memristor ගැන වැඩි විස්තර දැනගැනීමට අවශ්‍යනම් Physics D: Applied Physics සඟරාවේ මෑතකදී පළ වූ සවිස්තරාත්මක පර්යේෂණ පත්‍රිකාව ඔබට පරීක්ෂා කරන්න පුලුවන්











Leave a Reply
View Comments