සාමාන්‍යයෙන් වැදගත් කාර්යයක් සදහා අපි නොදන්න කෙනෙක්ට whatsapp හරහා පණිවිඩයක් යවන්න අවශ්‍ය උනත් අපි කැමති නැහැ ඒ අධාල contact එක save කරගන්න.
මොකද contact save කල පසු ඔවුන්ට අපගේ status ආදිය දැකිය හැකි වීම නිසා. mod whatsapp තුලම මේ සදහා ක්‍රමයක් තිබ්බත් official whatsapp සදහා ක්‍රමයක් ඇතුලත් කර නැහැ.
මේ නිසා official whatsapp සදහා contact number save නොකර whatsapp massage යැවීම සදහා සරල විකල්ප ක්‍රමයක් පවතිනවා.
mod whatsapp
ඔයා භාවිතා කරන්නෙ mod whatsapp නම් whatsapp එකෙ දකුණු පැත්තෙ උඩම තිත් තුන ටැප් කලාම එන මෙනු එකේ තියෙනවා massage a number option එක. එතන අදාල country code (sri lanka නම්බර් එකක් නම් +94) ගහලා නම්බර් එක ගැහුවාම අදාල chat conversation එක ඕපන් වෙනවා.

official whatsapp
official whatsapp තුල මේ සදහා ක්‍රමයක් නැති උනත් browser එක හරහා අපිට whatsapp app එකෙහි chat conversation ඕපන් කරගැනීමේ හැකියාව පවතිනවා.
මුලින්ම ඔයා ඔයාගෙ browser එකට ගිහින් පහල url එක paste කරගන්න.
“https://wa.me/phonenumber”
දැන් phonenumber කියන තැන අදාල නම්බර් එක country code එක සහිතව ඇතුලත් කරන්න..
ex :- “https://wa.me/+94761964862
දැන් enter දුන්නාම ඊලගට එයි continue to chat කියලා එකක්. ඒක ටැප් කරහම official whatsapp එකෙහි අදාල chat conversation එක ඕපන් වෙයි.











Leave a Reply
View Comments