
Films, Tv series බලන ඕනෙ කෙනෙක් අහලා ඇතිනෙ H.264 AVC වගේම H.265 HEVC codec ගැන. අඩුම size එකකින් වගේම වැඩිම quality එකකින් Film එකක් Tv series එකක් download කරගන්ඩ නම් අපි ගොඩක්ම Use කරන්නෙ H.265 HEVC format එක. මේ codec එක රිලීස් උනේ 2013. ඒ වගේම මෑතක් වෙනකම්ම අලුත්ම කොඩෙක් එක වුණේ මේ H.265 HEVC එක.. ඔන්න දැන් තව අලුත්ම Codec එකක් නිකුත් වෙලා කියනවා. ඒ තමයි “H.266 VVC”
• මොකද්ද මේ H.266VVC codec එක..?
H.261, H.262, H.263, H.264AVC විදිහට පියවරෙන් පියවර වැඩිදියුණු වුණු Video කේතන ක්‍රමය, 2013 දී H.265HEVC codec එක හඳුන්වාදීමත් එක්ක තවත් උච්ච තැනකට පැමිණුනා. H.265HEVC codec එක නිසාවෙන් අපිට අඩුම සයිස් එකකින්, වැඩි quality එකක් ඇති videos download කරගන්ඩ පුලුවන් උනා වගේම, එදා ඉඳන්ම බොහෝමයක් පර්යේෂකයන් විසින් මීටත් අඩු ප්‍රමාණයක, වැඩි ගුණාත්මක බවක Video codec ක්‍රමයක් හඳුන්වා දෙන්න උත්සුක වෙලා තියනවා. මේ අනුව “JVET ” නැතිනම් “Joint Video Experts Team” ආයතනය විසින් 2017 ඔක්තෝබර් මාසයේ මේ නවතම H.266 codec එක නිර්මාණයට යෝජනාවට අතගහනවා. ඒ තවත් ආයතන කිහිපයක් එක්ක. මේ අනුව ඔවුන් 2018 අප්‍රේල් මාසය වන විට පළමු සටහන සමීක්ෂණ සහිතව ඉදිරිපත් කරනවා. ඔන්න ඔහොම අවුරුදු 3ක විශාල මහන්සියකින් පසුව, ඒ කියන්නෙ “2020 ජූලි 6” වෙනිදා “H.266VVC” වීඩියෝ කේත ක්‍රමය ලෝකයට නිකුත් වෙන්නෙ විශාල පෙරළියක් එක්කයි.. මේ සඳහා වැඩිම දායකත්වයක් දීලා තියෙන්නෙ ” The Fraunhofer Heinrich Hertz” කියන ජර්මන් ආයතනය මගින්. මේක electrical engineering සහා පරිගණක විද්‍යාව ගැන ගොඩක් research කරන ආයතනයක්..
මේ H.266VVC codec එක ගැන කියන විදිහට තියන ලොකුම වාසිය තමයි දැනට තියන හොඳම quality එකක Videos, ඉතාමත් අඩු size එකකින් අපිට ලබාගන්ඩ පුලුවන් වීම. බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නෙ මේ දේ තමයි.
උදාහරණයක් විදිහට අපි හිතමු H.264 format එකේ 4K resolution video එකක් 10GB කියලා, අපිට ඒ වීඩියෝ එක H.265 HEVC format එකෙන් download කරගන්ඩ පුලුවන් 5GB විතර data වැය කරලා.. හැබැයි මේ අලුත්ම H.266VVC codec එකෙන් අපිට ඒ 4K තත්වයේ Film එක “2.5GB” තරම් ඉතාමත් අඩු data size එකකින් download කරගන්ඩ පුලුවන්. එහෙම උනා කියන්නෙ 1080p එකක් අපිට 1GB වලට අඩුවෙන් download කරගන්ඩ පුලුවන් වෙයි.. ඒ කියන්නෙ H.265 ට වඩා හරියටම අඩක් අඩුවෙන් Film copy එකේ size එක අඩු වීමක්.. මීට වඩා තවත් මොනවද. ඒ වගේම 265HEvc format එකට වඩා ඉතාමත් ඉහල quality එකක video copy එකක් තමයි මේ කේතනය මගින් අපිට ලැබෙන්නෙ.. මීට අමතරව UHD quality video එකක් ගත්තම, H.265HEVC වලට සාපේක්ෂව බලද්දි, H.266VVC codec format වලදි bite rates saving අගය 36% ක විශාල ගණනක් ඉතිරියක් පෙන්වනවා.

Fraunhofer ආයතන කියන විදිහට ඔවුන් මේ codec එක ප්‍රධානම තැනක් විදිහට ඉලක්ක කරගෙන ඉන්නෙ 360 වීඩියො සහා 4K සහා 8K (HDR+) streaming service වලට තමයි. ඒ කියන්නෙ අපි දන්න කියන Netflix, AppleTv, Amazon වගේ streaming service වලට.. අපිට ඉදිරියේදි මේ streaming service වලින් මේ අලුත්ම codec එකේ tv series බලාගන්ඩ පුලුවන් වෙයි. Netflix මේ සම්බන්ධයෙන් දැනටමත් වැඩකටයුතු කරගෙන යනවා කියලා තමයි කියන්නෙ.
ඒ වගේම ඉතින් අපිට මේ quality එකෙන් films, tv series බලන්ඩ 4K, 8K වගේ Tv එකක්, screen එකක් ඕනෙ වෙනවා. නමුත් Smart Phone වලදි display quality එකට වඩා Soc (System on chip), ඒ කියන්නෙ snapdragon, exynos, Kirin වගේ chipset එක මත පදනම් වෙයි කියලා තමයි කියවෙන්නෙ.. ඇමරිකාව, යුරෝපය චීනය වගේ රටවල් දැනටමත් 8K screen වලට තාක්ෂණය හරවාගෙන යන ගමන් ඉන්න කාලයක අපේ රටේ තාමත් එහෙන් මෙහෙන් 4K පැනල්ස්, Tv දැක්කත්, තාම Tv චැනල් අපිට දෙන්නෙ 720p format එකෙන් තමයි ගොඩක් දුරට. අපේ තාම teledrama HD විදිහට shot කලත්, Telcast වෙන්නෙ SD ( Standard definition) වගේ අඩුම තත්වෙන්. HD නැතිනම් High definition තත්වයෙන් telecast වෙන්න පටන් ගැනීම තියෙන්න නෙලුම් කුළුන වැඩ පටන් ගත්තොත් තමයි. ලෝකෙ 8K වලට යද්දි, අපි තාම SD.. ඒ කියන්නෙ අපිට මේ 4K, 8K Screen එකකින් H.266 codec එකේ හොඳම quality එකෙන් netflix හරි මොනවා හරි streaming කරන්න ටික කාලයක් යයි.. ලෝකයේම ගත්තත් 8K Tv භාවිතා කිරීමේ වේගය මන්දගාමී වෙලා තියනවා කියලා තමයි සමික්ෂණයන් වලින් කියවෙන්නෙ. 2018 දී කරපු විශ්ලේෂණයන්ට අනුව 2023 වෙද්දි සමස්ථ වෙළදපොළ පරිභෝජනයෙන් 3%ක් පමණ මේ 8K රූපවාහිනි වලට නැඹුරුවෙයි කියලා කියනවා. නමුත් 4K තාක්ෂණය මීට වඩා ශීඝ්‍රයෙන් ලෝකයේ වරධනය වෙලා තියනවා.
• අපිට Phone එකෙන් H.266VVC codec එකේ Video බලන්න බැරි වෙයිද…?
ඒක මෙහෙමයි. අපිට මතකයිනෙ H.264AVC format එකෙන් එන videos ඕනෙම phone එකක වගේ බලන්ඩ පුලුවන් උනාට, H.265 format Video ඒ වගේ හැම phone එකකම, හැම Monitor එකකින්ම බලන්ඩ අමාරුයි.. ඒකට Phone එකක, Computer එකක Hardware features වල අවශ්‍යතාවය ගොඩක්ම වැදගත් වුණා. LowEnd smarts phones වල, අඩු Ram ධාරිතාවකින්, Chipset එක අඩු මට්ටමකින් තියනකොට H.265 format video play වෙන්ඩ ටිකක් අමාරුයි. ලැග් වෙනවා හීට් වෙනවා ගොඩක්ම බලාගන්ඩ පුලුවන්. ඒ හින්දා ටිකක් හොඳ තත්වයේ hardwares තියන phones වල තමයි ඒ H.265 codec video play උනෙ.
ඉතින් ඒ වගේම මේ අලුත්ම H.266VVC codec එකටත් අන්න ඒ වගේ ප්‍රශ්නයක් තියනවා. H.265 codec එක නිකුත් වෙන්නෙ 2013 හින්දා ඊට පස්සෙ ආපු ගොඩක් phones, video cameras, Computers වගේ හැම දේකම Hardware features හැදුවේ මේ H 265 codec එකට හරියන විදිහට. ඒත් මේ අලුත්ම codec එක මේ අවුරුද්ද දැන් දින කිපයකට කලින් නිකුත් වීම හින්දා දැනට තියන video cameras, phones, Tv, Computers මොනම දේකටවත් මේ H.266VVC codec එක support කරන්නෙ නෑ.. ලක්ෂ ගණන් තියන phones පවා මේ codec එකට තාම බයයි.. තාම බඩු අලුත්. ඉතින් මේ cameras, phones, computers වල hardwares හදන ආයතන දැනුම් දීලා තියනවා 2021 ඉඳන් මේ H.266 VVC codec format එකෙන් video play වෙන chipsets, නැතිනම් processors ඒ ආයතන විසින් නිකුත් කරනවා කියලා. ඔවුන් ඒ වැඩේට දැනටමත් අතගහලා තියනවා කියලා තමයි කියන්නෙ.
ඒ වගේම තව පොඩි දෙයක් තියේ. H.265 වගේ නෙවෙයි, මේ අලුත් codec එක යම් ආයතනයක් තමන්ගෙ hardwares වලට යොදාගන්නවනම්, ඒකට බලපත්‍ර ගාස්තුවක් ගෙවීමට සිදුවෙනවා. ඉතින් මේ බලපත්‍ර ලබාගන්න තියන තරඟය සහා, ඒ එක්කම එන පොඩි පොඩි ගැටලු නිරාකරණය කරගන්නට “මාධ්‍ය කේතන කර්මාන්ත සංසදයක්” (MC-IF) කියලා කණ්ඩායමක් දැනටමත් වැඩ පටන් අරන් තියෙන්නෙ. ඒ වගේම මේ H.266VCC පේටන්ට් සංචිතයේ පරිපාලන අයිතිය ගන්ඩ ආයතන 4ක් මේ වන විට කරට කර තරඟයක යෙදෙනවා කියලා කියනවා..
ඉතින් ඔන්න ඕක තමයි H.266VVC codec එකේ කතාව.. මේ ගැන දැනගන්ඩ ගොඩක් අය බලාගෙන ඉන්න ඇති කියලා හිතලා තමයි පට පට ගාලා අපිට දැනගන්න ඕනෙ කරුණු ටිකක් හොයාගෙන ඉක්මනටම මෙහෙම අරන් ආවේ..
එහෙනම් PsaRips පැත්තෙ ගිහින් H.265 format එකෙන් films, series download කලා වගේ තව නොබෝ දිනකින් එන මේ අලුත්ම Quality එකටත් ලෑස්ති වෙමු..
720p, 480p quality එකෙන් films, series බලපු ගොඩක් දෙනෙක්ට තව ටික කාලෙකින් 1080p, 4K.2160p Quality එකේ films, tv series විතරක් Download කරන කාලෙ වැඩි ඈතක නෙවෙයි .









Leave a Reply
View Comments