Categories

Xiaomi 11T Pro ජනවාරි 19 දා ඒලිදක්වයි.

Xiaomi විසින් Xiaomi 11T Pro ජනවාරි 19 වන දින ඉන්දියාවේ ඒලිදක්වන කරන අතර එය “Hyperphone” ලෙස හඳුන්වයි. මාස කිහිපයකට පෙර නිල වශයෙන් Global වෙළඳපොලට පිවිසි මෙම ස්මාර්ට් ජංගම දුරකථනය,   120W වේගවත් ආරෝපණ සහය සහිත සමාගමේ දෙවන දුරකථනය ද වන්නේය. 

Xiaomi විසින් Xiaomi 11T Pro India ඒලිදැක්විමේ දිනය නිල Twitter සටහනක් හරහා හෙළි කර ඇත. 

ට්වීට් එක නිර්මාණය හැර උපාංගය ගැන බොහෝ දේ හෙළි නොකරයි.  Xiaomi 11T Pro සෘජුකෝණාස්‍රාකාර කැමරා හම්ප්, විශාල කැමරා. පන්ච්-හෝල් තිරයක් පෙන්වයි. එය පසුපස කැමරා තුනකින් සමන්විත බව තහවුරු කර ඇත.

Xiaomi 11T Pro අඟල් 6.67 දක්වා ප්‍රමානයක් වන අතර Full HD+ AMOLED  ඇත. එය 120Hz refresh rate, 20:9 aspect ratio, 1000 nits සහ උපරිම දීප්තියක් ලබා දි ඇත, 480Hz  සහ HDR10+ සහතිකය සඳහා සහය දක්වයි. දුරකථනය බලගන්වන්නේ පසුගිය වසරේ Snapdragon 888  වන අතර 12GB දක්වා LPDDR5 RAM සහ 256GB UFS 3.1 සමඟ සම්බන්ධ වේ.

මෙය 108MP ප්‍රධාන කැමරාවක් සහිත තවත් Xiaomi දුරකථනයකි . 8MP ultra-wide කැමරාවක්, 5MP ටෙලි-මැක්‍රෝ කැමරාවක් සහ 16MP in-display ඉදිරිපස කැමරාවක් ද ඇත. උපාංගය Night mode ,long exposure mode, 8K videos, slow-motion videos සහ තවත් බොහෝ කැමරා විශේෂාංග සමඟ පැමිණේ.

Xiaomi 11T Pro 120W HyperCharge තාක්‍ෂණය සහිත 5,000mAh බැටරියකින් සහාය දක්වයි, එය මිනිත්තු 17 කින් දුරකථනය සම්පූර්ණයෙන්ම ආරෝපණය කරන බව කියයි. Xiaomi 11i HyperCharge වලින් පසු 120W වේගවත් ආරෝපණයක් සහිත  Xiaomi දෙවන දුරකථනය මෙය වේ. එය Android 11 මත පදනම්ව MIUI 12.5 run කරයි. LiquidCool තාක්‍ෂණයක්, පැති සවිකර ඇති ඇඟිලි සලකුණු ස්කෑනරයක්, NFC සහ HARMAN Kardon සහ Dolby Atmos මගින් ශ්‍රව්‍ය සහිත ද්විත්ව ස්පීකර් සඳහා සහය ඇත. තවද, 11T Pro ද්විත්ව සිම් 5G, Wi-Fi 6 සහ තවත් බොහෝ දේ සඳහා සහය දක්වයි.