Categories

Radio Wawes වලින් Charge වෙන සැම්සුන් හි අලුත්ම Eco remote එක

 

 

 

CES 2021 දී, Samsung අභ්‍යන්තර බැටරියක් නැවත ආරෝපණය කිරීමට භාවිතා කරන සූර්ය ශක්තිය ගබඩා කළ හැකි Eco Remote එකක් නිකුත් කරනු ලැබූවා මතක ඇති මේ වසරේ එය රවුටරවල රේඩියෝ තරංග ශක්තිය බවට පරිවර්තනය කළ හැකි ලෙස වැඩිදියුණු කිිිිිරීමට සැම්සුන් කටයුතු කර තිබුණා.

“රේඩියො තරංග” අලුත් දෙයක් නොවුනත් ලොකුවට යොදාගැනුනෙ නැහැ, මොකද ඒවා ඉතා අඩු බලයක් සහිත උපාංග වලට පමණක් යොදාගනු ලබන හිංදා, ඒත් ඉතින් තාක්ෂනය අපිට පාවිච්චි කරන්න පුලුවන් සැබැ නිශ්පාදන බවට පත්වෙන්නෙ කලාතුරකින්නෙ.

ඉදිරියේදී දුරස්ථ පාලක RF ශක්තිය මත පමණක්ම  ක්‍රියා කළ නොහැකි උනත් මෙම  වැඩිදියුණු කරන ලද Eco Remote එක එළිමහන් හෝ ගෘහස්ථ ආලෝකයෙන් සූර්ය ශක්තිය භාවිතා කරන අතරම බැකප් එකක් විදියට USB-C පෝට් එකකිනුත් සමන්විත වෙනවා.

ඒ වගේම මේ Solar power භාවිතා කිරීමෙන් වසර හතක් තුල බැටරි මිලියන 99ක් ඉවත දැමීම වලක්වාගත හැකි වෙනව වගේම සාමාන්‍ය රූපවාහිනියක ආයුකාලයත් වැඩි කර ගන්න පුලුවන්.

මෙහි ඉදිරිපස ඩිස්නි+, නෙට්ෆ්ලික්ස් සහ ප්‍රයිම් වීඩියෝ වැනි ජනප්‍රිය Stream සේවා සඳහා shortcut key ඇතුළුව සියලු බොත්තම් අතුලත්වෙනවා. වගේම   මෙම eco remote   ප්‍රතිචක්‍රිකරණය කරන ලද ද්‍රව්‍ය වලින් හදල තියන නිසා පරිසර දූෂනය පිලිබද ගැටලුුමතුවෙන්නෙත් නැහැ.

 

 

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.