Twitter මෑතක ඉදන් ඔබට තෝරගත්තු පුද්ගලයන් කණ්ඩායමක් සමඟ ට්වීට් Share කරගන්න ඉඩ දෙන විශේෂාංගයක් මත ක්‍රියා කරන බව දැකගන්න පුලුවන් උනා. Instagram පාවිච්චි කරන අයටනම් මේක පුරුදු ඇති මොකද Intagram වල Close friend එකෙනුත් වෙන්නෙ මේකම නිසා.
Twitter පලමු වරට මේ ගැන පලකලේ පසුගිය ජූලි මාසයේදීයී. ඒකෙදි මේක නම් කෙරුනෙ “Trusted Friends” ලෙසින්.
#Twitter continues to work on the implementation of "Trusted Friends" ? https://t.co/sNrOJ9daDo pic.twitter.com/DbsgChS3DU
— Alessandro Paluzzi (@alex193a) December 11, 2021
#Twitter continues to work on Twitter Flock by adding an explanation of how it works ?
ℹ️ You can choose up to 150 people to include in your Twitter Flock ?
ℹ️ People won't be notified if you remove them from the list ? pic.twitter.com/xtGcDiHgxS— Alessandro Paluzzi (@alex193a) January 21, 2022
Twitter, Flock විශේෂාංගයට තෝරාගත් සාමාජිකයින් 150 දක්වා එකතු කල හැකි අතර
යවන ලද tweet බැලීමට හා පිලිතුරු දීමට හැකි වන්නේ මෙම Flock එක තුල ඉන්න පරිශීලකයන්ට පමණකි.
ඒමෙන්ම ඔබට මේ flock එකේ ඉන්න කවුරුහරි අවශ්‍ය නැත්තම් ඕනම වේලාවක දැනුම්දීමකින් තොරව ඔවුන්ව අයින් කර දැමීමට පුලුවන්.
ඔයා කාගෙ හරි Flock එකක ඉන්නනම්,ඒ අය Tweet එකක් එවනවනම් ඒ Tweet එකට යටින් “You can see this Tweet because the author has added you to their Flock.” යනුවෙන් ලේබල් එකක් දිස්වෙනවා.
මෙයින් ඔයා follow කරන අනෙක් අය හා Close friend අතර වෙනස හදුනාගැනීම පහසු කරවනවා.
ඒ වගේම ඔයා Tweet එකක් දානකොට Twitter හා selected users යනුවෙන් Audience option දෙකක් පෙන්වනවා.











Leave a Reply
View Comments