Categories

ගන්න හොදම මොන REDMI ෆෝන් එකද..??

No description available.

 

Xiaomi  india සමාගම විසින් ලගදී Redmi අලුත් සාමාජිකයා redmi note 10s එක නිල වශයෙන් එලි දක්වල තිබ්බා.. දැන් අලුත්ම redmi ෆෝන් ගත්තොත් redmi note 10s , redmi note 10 pro , redmi note 10 කියන ෆෝන් තුනෙන් මොකක්ද හොදම…??

මිල ගණන් වලින් සන්සන්දනය කරනවනම් Redmi note 10 එක Redmi note 10s එකට වඩා Rs2500 (indian currency ) ලාභදායි වගේම note 10 pro එක note 10s වලට වඩා ගොඩක් මිල අධික වෙනවා…

Display එක ගැන කතාකරනවනම්,
ඔයාට ඕනි විශාල display එකක් නම් ඔයාට note 10 pro එක තෝරගන්න පුලුවන්…මොකද අගල් 6.43 display එකක් තියෙන note 10/10s ෆෝන් දෙක අතින් බැලුවහම මේක අගල් 6.67 Display එකක්, 120Hz refresh rate එකකින් ද සමන්විත වෙනවා..

ඔයා note 10, note10s දෙකෙන් එකක් තෝරගන්නවනම් ඔයාට ගැලපෙන්නේ note 10 ෆෝන් එක… මොකද ඒක ගනන් අඩු එක සමාන display එකකින් එන නිසා..

perfomance බලනවනම්,

REDMI NOTE 10S එක Mediatek Helio G95 SoC එකකින් සමන්විත වෙනවා…
REDMI NOTE 10 Snapdragon 678 වලින් සමන්විත වෙනවා..
REDMI NOTE 10 PRO වලට මූලික වෙලා තියෙන්නේ qualcomm snapdragon 732 SoC එකෙන්..

ඔයා බලන්නේ හොද perfomance තියෙන එකක් නම් ඔයාට NOTE 10 PRO හරි NOTE 10S දෙකෙන් එකක් තෝරගන්න පුලුවන්..
අඩු ගාණකට හොද perfomance තියෙන එකක් හොයනවනම් හරි යන්නේ NOTE 10S එක තමා..

camera resolution ගැන කියනවනම්,

NOTE 10S/NOTE 10 PRO දෙක ගන්නවනම් මේ දෙකේම camera system එක සමානයි…මේ දෙකේම,
64MP primary sensor
8MP ulrta wide angle lens තියෙනවා…
10 pro එක 5MP lelemacro lens එකකින් සමන්විත වෙද්දි NOTE 10 S එක 2 MP macro lens එකකින් සමන්විත වෙනවා..

NOTE 10 එක ගත්තොත්
48MP primary sensor
8 ultra wide angle lens
2MP depth sensor
2MP macro lens වලින් සමන්විත වෙනවා..

SELFIE camera පැත්තට ආවොත්
NOTE 10S වගේම NOTE 10 දෙකේ 13MP sensor එකක් තියෙනවා.
NOTE 10 pro එකේ 16MP sensor එකක් තියෙනවා..

camera system එක බැලුවොත් NOTE 10 PRO එකේ හොද කැමරා පහසුකමක් තියෙනවා… NOTE 10 වලත් සාමාන්‍ය කැමරා පහසුකමක් තියෙනවා..

මොකක්ද හොදම….??

හොද perfomance තියෙන එකක් ඕනිනම් NOTE 10S එකක් තෝරගන්න

හොද Camera setup,glass quality,high resolution display වගේම gorilla glass 5 වගේ සුපිරියක් ඕනි නම් ඔයාට NOTE 10 PRO තෝරගන්න පුලුවන්..

සාමන්‍යයෙන් සල්ලි අඩු නිසා සාමාන්‍ය ෆෝන් එකක් හොයනවනම් ඔයාට NOTE 10 එක තෝරගන්න පුලුවන්.. හැබැයි ඔයාට ප්‍රයිස් එක අවුලක්ම නැත්තම් දෙපාරක් නොහිතා REDMI NOTE 10S එකකට සෙට් වෙන්න පුලුවන්….

 

 

Article written by Chamika Sahan Samarakoon