Categories

එක දුරකථනයක whatsapp ගිණුම් 2ක් භාවිතා කරන්නේ කොහොමද ?

 එක දුරකථනයක විවිධ whatsapp ගිණුම් දෙකක් භාවිතා කරන්න පුලුවන්ද ? අනිවාරෙන්ම පුලුවන්. ඔයා ගාව dual sim තියෙනවනම් හරි verify කරගන්න පුලුවන් active සිම් එකක් වෙනම තියෙනවනම් ඔයාට මේක ලේසි වැඩක්.

විවිධ දුරකථන සමාගම් (samsung xiaomi,honor,Oppo වැනි)ඔවුන්ගේ පරිශීලකයන්ට ” dual apps”, “parallel apps” හෝ “twin apps” සදහා අවසර දී තිබෙනවා.
මේ මගින් එකම යෙදුමේ version 2ක් ලබා ගැනීමට ඉඩ සලසනවා.

  1. settings  වලට යන්න.
  2. dual apps හෝ parallel apps හො twin apps ලෙස search කරන්න.
  3. ඊලගට dual whatsapp එක enable කරන්න තියෙන ඔප්ශන් එක හොයාගෙන ඒක enable කරන්න.
  4. දැන් ඔයාට home screen එකේ check mark එකක් සහිත දෙවැනි whatsapp app එක බලාගන්න පුලුවන්.

මේ දෙවෙනි whatsapp එක setup කරගද්දි ඔයා දැන් පාවිච්චි කරන main whatsapp number එක දෙන්න එපා. ඒකට ඔයාගෙ අනිත් නම්බර් එකක් දීල හදාගන්න.

  • Xiaomi phones running MIU

➯Settings > Apps > Dual Apps.

  • Samsung phones

➯ Settings > Advanced Features > Dual Messaging.

 

  • Vivo gear phone
    ➯Settings > Apps & Notifications > Clone App.

 

  • OPPO phones
    ➯Settings > App cloning.

  • Huawei and Honor phones
    ➯Settings > Apps > Twin app.

  • OnePlus mobiles
    ➯Settings > Utilities > Twin Apps.

  • Realme phones
    ➯Settings > App Management > App Cloner.
Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.