විද්‍යාඥයින් සහ පර්යේෂකයන් අභ්‍යවකාශයේ වෙනත් ග්‍රහලෝකවල ජීව ස්වරූපයන් සෙවිය හැකි නව මාදිලියේ රොබෝවරුන් නිපදවීමට කටයුතු කරමින් සිටිනවා. ජීව ස්වරූපයන් පිළිබඳ සාක්ෂි සොයා ගැනීමට අයිස් සහිත සාගරවල පිහිනා යා හැකි ස්මාර්ට්ෆෝන් ප්‍රමාණයේ රොබෝවරුන් NASA’s Innovative Advanced Concepts (NIAC) වැඩසටහනේ කොටසක් වෙනවා.
NASA විසින් නිල මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කරමින් ප්‍රකාශ කලේ අයිස් සහිත සාගරවල ශීත කබොල හරහා ගමන් කිරීමට, ඈත ග්‍රහලෝකවල ජීව ස්වරූපයන් සොයා ගැනීමට සහ ගැඹුරට හාරා යෑමට හැකි කුඩා පිහිනුම් රොබෝවරු කණ්ඩායම් සංවර්ධනය කිරීමට සැලසුම් කරන බවයි.

SWIM (Sensing With Independent micro-Swimmers) ලෙස හදුන්වන මෙම රොබෝ වරුන් හට ප්රචාලන පද්ධතියක් (propulsion system), අභ්‍යන්තර පරිගණක පද්ධතියක් සහ අල්ට්රා සවුන්ඩ් සන්නිවේදන පද්ධතියක්ද තිබෙනවා. එසේම ඔවුන් සතුව උෂ්නත්වය,ආම්ලිකතාවය, ලවණතාව සහ පීඩනය සදහා සරල sensor ද තිබෙනවා.
මෙම SWIM රොබෝවරුන් පිළිබඳ මූලික අදහස NASA හි robotics engineer කෙනෙකු වන Ethan schaler විසින් Jet Propulsion Laboratory එකේදි සංවර්ධනය කර තිබෙනවා. මෙම රොබෝවරුන් සැලසුම් කිරීම සහ ශක්‍යතා අධ්‍යයනය කිරීම සඳහා NIAC වැඩසටහන යටතේ NASA හි I අදියර අරමුදල්වල කොටසක් ලෙස මෙම සංකල්පයට 2021 දී $125,000 අරමුදල් ප්රදානය කරනු ලැබු අතර දැන් NASA හි II අදියර යටතේ ඒ සදහා $600,000 ක් ප්රදානය කර තිබෙනවා. ඒ මෙම කණ්ඩායමට ඉදිරි වසර දෙක තුළ SWIM රොබෝවරුන්ගේ ත්‍රිමාණ මූලාකෘති සංවර්ධනය කිරීමට සහ පරීක්ෂා කිරීම සදහායි.
අනාගතයේදී, 2024 සඳහා සැලසුම් කර ඇති Europa Clipper මෙහෙයුම සඳහා අඟල් 5ක් දිග සහ ඝන අඟල් 3-5ක් පමණ වන මෙම කුඤ්ඤ හැඩැති SWIM රොබෝවරු යෙදවීමටද NASA සැලසුම් කරනවා. එසේම SWIM රොබෝවරුන්ට “රංචු ගැසිය හැකි බැවින්” ( මාළු හෝ කුරුල්ලන් ආකාරයේ) එකතු කරනු ලබන අදාළ දත්ත වල ඇති වන දෝශයන්ද අවම වනු ලබනවා.
source











Leave a Reply
View Comments