Categories

YOUTUBE GO අගෝස්තු මාසයේදි ඉවත් කෙරේ

youtube go අගෝස්තු මාසයේදි වසා දැමීමට තීරණය කර තිබෙනවා. මේ බව ඔවුන් google support page තුළ Official post එකක් හරහා පළ කර තිබෙනවා. ඔවුන් නිර්දේශ කරන්නේ youtube go පරිශීලකයින් ප්‍රධාන youtube යෙදුමට මාරු විය යුතු බවයි. පරිශීලකයන්ට web browser හරහා සෘජුවම youtube web site සදහාත් ප්‍රවේශ විය හැකියි.

low end hardware සහ poor internet connection ඇති අය සදහා මෙම youtube go යෙදුම 2016 දී නිකුත් කරනු ලැබුවා. ප්‍රධාන youtube යෙදුමේ ඇති comment,post, create content සහ dark theme භාවිතා කිරීමේ පහසුකම් මෙම youtube go යෙදුමේ ඇතුළත් වෙලා නැහැ.

youtube go යෙදුම සදහා google play store හී download මිලියන 500කට වඩා වැඩි ප්‍රමාණයක් ඇති අතර එහෙත්, 2021 ඔක්තොම්බර් සිට මේ දක්වා කිසිදු යවත්කාලිනයක් නිකුත් කර තිබුණේ නැහැ.

කෙසේ නමුත් ඔබට youtube app භාවිත කිරීමට අපහසු නම් web browser හරහා youtube වෙත ප්‍රවේශ විය හැකියි.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.