Categories

Tik Tok දැන්වීම් ආදායම ඩොලර් බිලියන 11 ඉක්මවයිද..?

 

Tik Tok ලද ජනප්‍රියත්වයත් සමග Tik Tokහි දැන්වීම් ආදායම් එන්න එන්නම වැඩි වෙමින් පවතිනවා.
ඒ වගේම එහි දැන්වීම් ආදායම මේ වසරේ Twitter හා Snapchat ද ඉක්මවනු ඇතැයිද එය 2024 දී YouTube හා තරග කරනු ඇතැයිද පුරොකථනය කර තිබෙනවා

TikTok පසුගිය වසරේ දී Snapchat ලද දැන්වීම් ආදායම අභිබවා ගිය අතර එය Twitter ද ඉක්මවා යනු ඇතැයි මත පලවේ.
ඒ අතරින් පර්යේෂණ ආයතනයක් වන Insider Intelligence අනාවැකි පළ කරන්නේ TikTok හි ආදායම 2022 දී ඩොලර් බිලියන 11 දක්වා තුන් ගුණයකින් වැඩි වන අතර එය Snapchat ($ 4.86 බිලියන) සහ Twitter ($ 5.58 බිලියන) එකට වඩා වැඩි වනු ඇති බවයි

එලෙසම Tik Tok එහි වත්මන් තත්වයේම පවත්වා ගතහොත් 2024 වන විට YouTube දැන්වීම් ආදායම වන ඩො.බිලියන 23.6 දක්වා ලගාවනු ඇත.

එහි ජනප්‍රියත්වය තිබියදීත්, චීනයට අයත් TikTok වසර ගණනාවක් පුරා මතභේදවලට මුහුණ දුන්නා මතක ඇති.
Reddit හි ප්‍රධාන විධායක නිලධාරියා එය “Spyware” හා “fundamentally parasitic ලෙස හදුන්වා 2020 දී ඔවුන්ගේ දුරකථනවලින් එය ඉවත් කරන ලෙස ජෝ බයිඩන්ගේ කාර්ය මණ්ඩලයට පැවසුවේය. එමෙන්ම රජයේ නීතිපති කණ්ඩායමක් TikTok සහ තරුණයින්ට එහි බලපෑම පිළිබඳව පරීක්ෂණයක් දියත් කරන ලදී;
එමෙන්ම එය ඉන්දියාවේ පවා තහනමකට ලක්විය.

නමුත් මේ වසරේ එහි ආදායමෙන් අඩකට වඩා (ඩොලර් බිලියන 6) එක්සත් ජනපදයෙන් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, TikTok එක්සත් ජනපදයේ සියලුම ඍණාත්මක මාධ්‍යයන් ගැන එතරම් සැලකිල්ලක් නොදැක්විය හැක.

TikTok හි දැනටමත් ගෝලීය පරිශීලකයින් බිලියන 1.5 කට වඩා සිටින අතර, Facebook (පරිශීලකයින් බිලියන 2.9) සහ Instagram (පරිශීලකයින් බිලියන 2) කි. ඒවායේ ආදායම පිළිවෙලින් ඩොලර් බිලියන 85 සහ ඩොලර් බිලියන 82 කි.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.