Categories

Repair shop වලින් බය නැතුව ෆෝන් එක හදාගන්න සැම්සුන් ගෙන් විශේෂාංගයක්

samsung විසින් “repair mode” නමින් නව feature එකක් දකුණු කොරියාව තුළ අතහදා බලමින් සිටිනවා. කැඩුණු දුරකථනය සකසා ගැනීමට repair shop වලට යාමේදී සක්‍රීය කරගත හැකි මෙය වැරදි දුරකථන අලුත්වැඩියා කරන්නන්ගෙන් දුරකථනය ආරක්ෂා කරනු ලබනවා.

ඉස්සර ඉදලම බොහෝ repair shops මගින් පාරිභෝගිකයන්ගෙ දුරකථන වැරදි ලෙස භාවිතා කරපු අවස්ථා ගොඩක් තියෙනවා. 2016 දී, Pegatron හි සේවකයන් දෙදෙනෙක්( මොවුන්ගෙන් එක් අයෙක් Apple හී ප්‍රධාන අලුත්වැඩියා කොන්ට්‍රාත්කරුවෙක්ද වෙනවා. )විද්‍යාල ශිෂ්‍යාවකගේ දුරකථනයෙ තිබී ඇගේ ඡායාරූප සොයාගෙන ඒවා ඇගේ facebook ගිණුමේ post කර තිබෙනවා. මේ හේතුවෙන් ඇය apple සමාගමෙන් ඩොලර් මිලියන 5ක් ඉල්ලා නඩු පවරා තිබෙන අතර අවසානයේ එම මුදල pegatron විසින්ම ගෙවා තිබෙනවා.

Samsung මෙම නව repair mode හරහා බලාපොරොත්තු වෙන්නේ එවැනි සිදුවීම් වැළක්වීමයි. මෙම repair mode සක්‍රීය කිරීමෙන් පසුව දුරකථනයේ චායාරූප,පණිඩිව,ගිණුම් ආදී සියළු දෑ hide වෙන අතර දුරකථනය සදහා පැමිණි default apps පමණක් පෙන්වනු ලබනවා. එසේම කැමරාව අලුත්වැඩියා කර ඇත්දැයි බලා ගැනීමට ඔවුන්ට කැමරාව සදහා පිවිසිය හැකි අතර ඒවා වෙනමම ක්‍රියාත්මක වෙනු ලබනවා. ඒ අනුව repair mode එක දුරකථනයේ නව කොටසක් තුළ නව user account එකක් හරහා ක්‍රියාත්මක වෙන බවයි ඔවුන් පවසන්නේ.

S21 series හී south korean version එකට නව update එකක් හරහා මෙම නව repair mode ඉදිරියේදි නිකුත් කරන බව samsung පවසනවා. එය Settings > Battery and Device Care > Repair Mode හරහා සක්‍රීය කර ගන්න පුලුවන්. පසුව දුරකථනය restart වී blank user account එකකින් open වෙනවා. මෙය අක්‍රීය කරගන්න අවශ්‍යනම් restart කර password මගින් unlock කිරීම හරහා පහසුවෙන් කරගන්න පුලුවන්.

source:-

TECHSPOT

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.