Categories

AI Written text හදුනාගැනීම සදහා OpenAI ගෙන් classifier tool එකක්

AI යොදාගෙන ලියන ලද අකුරු සහ මිනිසුන් විසින් ලියන ලද අකුරු අතර වෙනස හදුනා ගැනීම සදහා OpenAI සමාගම විසින් පුහුණු කරන ලද classifier tool එකක් නිකුත් කරලා තියෙනවා.

AI written text සම්පූර්ණයෙන්ම හදුනාගත නොහැකි වුවත් OpenAI විශ්වාස කරන්නේ අවම වැරදි ප්‍රමාණයක් සමගින් AI written text සහ human written text අතර වෙනස හදුනා ගැනීමට classifier tool එකට හැකියාව ඇති බවයි.

කොහොම වුණත් ඔවුන්ගේ classifier tool එක තවමත් විශ්වාසදායක නොමැති බව සදහන් කරමින් OpenAI පවසන්නේ ඔවුන්ගේ ඇගයීම්වලදී OpenAI classifier එක AI-written text වලින් 26%ක් නිවැරදිව AI -written text ලෙසම හඳුනාගෙන ඇති අතර, human- written text 9% ක් AI – written text ලෙස වැරදියට සදහන් කර ඇති බවයි.

කෙසේ වෙතත්, ආදානය කරනු ලබන text එකෙහි දිග වැඩි වන තරමටම මෙම classifier එකෙහි නිවැරදිබව වැඩිදියුණු වන අතර ඔවුන් පවසන්නේ මීට පෙර නිකුත් කරන ලද classifier එක හා සසදන විට මෙම නවතම classifier එක වර්තමානයේ තිබෙන AI system සදහා සැළකිය යුතු ලෙස සාර්ථක බවයි.

classifier එක භාවිතා කරන්න

OpenAI classifier

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.