ඇපල් සිය Next gen iPhone එලිදැක්වීමට සූදානම් වෙන අතර අනුමාන වශයෙන් එය iPhone 13 series එකක් හෝ iphone 12s series එකක් වෙන්න පුලුවන්.
මීලග iPhone වල අලුත් Features ගැන කටකතා හුගක් පැතිරිලා තියනවා.
ඒ අතර iPhone 13 වල ඉතා කුඩා Notch එකක් තිබීම,pro වර්ෂන් වල 120Hz display එකක් හා තවත් දේවල් වනවා.
මැතකදී ලද වාර්තාවන්ට අනුව එලබෙන iPhone series එකට Portrait video සහය එක් කිරීමයි ඇපල්හි අරමුණ.
Facetime Video call සදහා portrait video සහය එක්කල නවතම iOS 15 feature එක දැනටමත් බලාගන්න පුලුවන් වෙනවා.
එමෙන්ම Max Weinbach කල කතාවකට අනුව කියන්නෙ 13 series එකට විශාල රැහැන් රහිත ආරෝපණ දගරයක් ඇපල් විසින් එකතු කරනු ඇති බවයි.
එහෙම උනොත් මෙම reverse wireless charging phone, එයාර්පොඩ්ස් හා වෙනත් උපාංගයන් ආරෝපණය කිරීමට මග පාදන්න පුලුවන්.
13 series එකේ විශාල බැටරි පැක් කරන්නෙත් ඒක නිසාම වෙන්න පුලුවන්.
මෙම වසර මුලදී Bloomberg හි mark Gurman වාර්තා කර තිබුනේ iPhone වල reverse wireless charging ඉදිරියේදී පැමිණිය නොහැකි බවයි.
ඒ කොහොම උනත් ඔයාලට මතක නම් පසුගිය අවුරුද්දේ නිකුත් කරපු 12 series එකෙන් පස්සෙ FCC යෝජනා කලේ iPhone 12 series වල සැගවුනු reverse wireless chargingවල සහය ඇති බවයි.
එනිසාම iPhone 13 series එක සදහා රැහැන් රහිත ආරෝපනයක් ඇපල් විසින් ලබාදෙන්නත් හැකියාවක් තියෙනවා











Leave a Reply
View Comments