18 හැවිරිදි සංවර්ධකයෙකු නවීන iPhone සදහා iOS 4, ඇප් එකක් විදිහට ගොඩනගලා තිබෙනවා.
ඉතින් ඔයත් දිගු කාලෙක ඉදන් iPhone පාවිච්චි කරන කෙනෙක් නම් මේකට කැමති වෙනවා විශ්වාසයි.
OldOS ලෙස නම් කර ඇති මෙය තරුණ මෘදුකාංග සංවර්ධකයෙකු වන ෂේන් විසින් නිකුත් කර තිබු අතර ඇපල්හි Swift UI භාවිතා කර එය නැවත සම්පූර්ණයෙන් ගොඩනගා තිබෙනවා.
ඔහු මැතකදි නිකුත් කල Tweet එකක iPhone 12 වල එය දිස්වන අයුරු කෙටි විඩියෝවක්ද දමා තිබුණා.
Today is Launch Day ?
Introducing OldOS — iOS 4 beautifully rebuilt in SwiftUI.
* ? Designed to be as close to pixel-perfect as possible.
*? Fully functional, perhaps even usable as a second OS.
* ?️ Fully open source for all to learn, modify, and build on. pic.twitter.com/K0JOE2fEKM— Zane (@zzanehip) June 9, 2021
මෙය විවෘත මෘදුකාංගයක් වන අතර වෙනත් සංවර්ධකයින්ට කැමති iOS version එකක් සැදීමට හෝ එය ඉගෙන ගැනීමට හා වෙනස් කිරීමට පවා හැකියාව තිබෙනවා. ඇත්තෙන්ම ඔහු විසින් සමස්ථ ව්‍යාපෘතියේ Source Code එක පවා Githubහි publish කර තිබුනා.
දැන් OldOS යෙදුමෙන් නව අයිෆෝන් සදහා OldUI හා skeuomorphic design අරන් ඇවිත් තියෙනවා.
හොදම දේ නම් tactile response සදහා haptic feedback වලට සහයවෙන signature home button එක නැවත ගෙන ඒම.
එමෙන්ම ෂේන් විසින් iOS 4 හි සහය දැක්වූ ඇප් ප්‍රතිනිර්මාණය කරල තියෙනවා, ඒක නිසා මීට අවු10 කට කලින් තිබුනු විදියට camera roll ඡායාරූප බලන්න photos ඇප් එක ඉඩ සලසනවා.
Note ඇප් එකෙහි yellow page design එකත් නැවත ගෙනවිත් තිබෙනවා.
කොහොම උනත් Youtube හා Massenger නම් මේ වන විට නිසිආකාරව ක්‍රියාත්මක වෙන්නෙ නැහැ.
ඔයා iOS රසිකයෙක්නම් iOS 4 හි අත්දැකීම ගන්න කැමති ඇති. එහෙනම් ඔයාට අනිවාර්යයෙන් OldOS පරික්ෂා කරන්න පුලුවන්.
ඇප් එක දැනට ඇපල්හි TestFlight Service එකෙන් ලබාගන්න පුලුවන්










Leave a Reply
View Comments