instragram විසින් පරිශීලකයන්ගේ feed’s තුළ අතුරුදහන් වූ දරුවන් පිළිබදව ඔවුන්ට දැනුම් දීම සදහා amber alerts ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර තිබෙනවා.
මෙසේ දැනුම්දීම් ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයකට දැමීම මගින් instragram පුළුල් වනවා වගේම අතුරුදහන් වූ දරුවන් සොයා ගැනීම සදහා බලධාරින්ට උදව් කිරීමද සිදු වෙනවා.

amber alerts ඊයේ දින US instragram feeds සදහා ලබා දුන් අතර ඊලග සති දෙක තුළ
ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, බෙල්ජියම, බල්ගේරියාව, කැනඩාව, ඉක්වදෝරය, ග්‍රීසිය, ග්වාටමාලා, අයර්ලන්තය, ජැමෙයිකාව, කොරියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මැලේසියාව, මෝල්ටාව, මෙක්සිකෝව, නෙදර්ලන්තය,නවසීලන්තය, රුමේනියාව, දකුණු අප්‍රිකාව, තායිවානය, යුක්රේනය, එක්සත් රාජධානිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් 24 සදහා පැමිණීමට නියමිතය.
Twitter නිල වශයෙන් ඇම්බර් ඇඟවීම් සඳහා සහය නොදැක්වුවත් බොහෝ පරිශීලකයන් තම ගිණුම් හරහා බොහෝ විට ඒවා පළ කරනු ලබනවා. Facebook විසින් 2015 වසරේ සිට Amber Alerts සඳහා සහය දක්වා ඇති අතර ලොව පුරා ළමා අනතුරුදායක සිද්ධීන් සිය ගණනක් විසඳීමට තමන් උපකාර කර ඇති බව Meta පවසනවා.
amber alerts නම් කරන ලද සෙවුම් ප්‍රදේශයක් අසල පරිශීලකයින් වෙත පමණක් ලබා දිය යුතු නිසා instragram විසින්
සෑම පරිශීලකයෙකුගේම profile තුළ ලැයිස්තුගත කර ඇති නගරය, එක් එක් උපාංගයේ IP ලිපිනය සහ ඕනෑම active location services පරික්ශා කරනු ලබනවා.
එසේම amber alerts තුළ දරුවාගේ ඡායාරූපය, විස්තරය හෝ අවසන් වරට දන්නා ස්ථානය වැනි අත්‍යවශ්‍ය තොරතුරු ඇතුළත් වෙනවා.











Leave a Reply
View Comments