Google විසින් Play Store තුළ ඇති යෙදුම් 16ක් ඉවත් කර තිබෙනවා. මෙම apps මගින් පරිශීලකයින්ගේ උපාංගවල වේගවත් බැටරි බැසීමක් සහ high data usage එකක් ඇති කර තිබෙනවා. ආරක්ෂක සමාගමක් විසින් හඳුනාගෙන තිබෙන මෙම යෙදුම් මගින් පරිශීලකයාගේ අනිදැනුමකින් තොරව වෙළඳ දැන්වීම් විවෘත කරමින් සහ wwb pages විවෘත කිරීමෙන් වංචා සිදු කර තිබෙනවා. එසේම ආරක්ෂක සමාගම පවසන්නේ Play Store තුළින් මෙම යෙදුම් ඉවත් කිරීමට පෙර පරිශීලකයන් මිලියන 20ක් ඒවා install කර ඇති බවයි.
McAfee විසින් අණාවරණය කරගෙන google play store තුළින් ඉවත් කළ යෙදුම් අතර BusanBus, Joycode, Currency Converter, High-Speed Camera, Smart Task Manager, Flashlight+, K-Dictionary, Quick Note, EzDica, Instagram Profile Downloader, සහ Ez Notes වැනි utility apps අන්තර්ගත වෙනවා.
කෙසේ වෙතත් google පැවසුවේ මෙම apps සියල්ල play store මගින් ඉවත් කරා ඇති බවත් play protect මගින් දැනට උපාංග මත install කර තිබෙන ඒවාත් අවහිර කරන බවයි.
source
GADGET360









Leave a Reply
View Comments