Categories

Incognito ටැබ් ලොක් කර ගැනීමේ පහසුකම දැන් android වෙතටත්

Incognito tab එක ගැනනම් නොදන්න කෙනෙක් නැහැනෙ. වඩාත් ආරක්ශිත හා පුද්ගලික බ්‍රව්සින් එකකට අපි incognito tab එක use කරනව.

ඒ ආරක්ෂාව තවත් වැඩිදියුණු කරමින් Google දැන් incognito tab එක ලොක් කිරීමේ පහසුකම ලබාදීල තිබෙනවා.

ඒ අනුව අපි open කරගෙන ඉන්න incognito tab එක Pin හො fingerprint යන biometric authentication වලින් lock කරගන්න පුලුවන්.

ඔයා incognito tab එකෙන් අයින් වෙල ආපහු ඒකට යනකොට Unlock Incognito  කියන option එකත් එක්ක screen එකක් පෙන්නනව.
ඒකෙදි fingerprint එක හරි pin එක හරි දීල මේක unlock කරගන්න පුලුවන්.

මේක තවමත් පුලුල් වශයෙන් ලබාදීල නැති නිසා ඔයාට මේක අවශ්‍ය නම් මුලින් Chrome එක latest version එකට update කරගෙන මේ ලින්ක් එකෙන් ගිහින් flag එක enable කරගන්න.

chrome://flags/#incognito-reauthentication-for-android

Enable කරාට පස්සෙ chrome එක relaunch කරල පහල දක්වල තියන විදියට කරන්න.

01. Chrome එකෙ දකුණු පැත්තෙ උඩම තිත් තුන ටච් කරල setting වලට යන්න.

02. දැන් Privacy and Security option එකට යන්න.

03.ඊට පස්සෙ “Lock Incognito tabs when you leave Chrome” කියන option එක enable කරල fingerprint එක හරි pin එක හරි දෙන්න.

Source – beebom

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.