google විසින් යෙදුම් 900,000 ආසන්න ප්‍රමාණයක් google play store තුළින් ඉවත් කිරීමට සූදානම් වෙලා තියෙනවා. මෙම අදාල යෙදුම් අවම වසර දෙකක් වත් යවත්කාලීන කර නැහැ. google විසින් මෙම යෙදුම් play store තුළින් සැගවීමට සූදානම් වන අතර එම නිසා ඒවා යවත්කාලීන කරන තුරු පරිශීලකයන්ට මේවා භාගත කිරීමේ හැකියාවක් නැහැ.
apple විසින් අවම වශයෙන් වසර දෙකක්වත් යවත්කාලීන නොමැති යෙදුම් 750 000 පමණ ඉවත් කරන බව මිලියන ගණනක පරිශීලකයන්ට අනතුරු ඇගවීමක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. apple පවසන්නේ මෙම යෙදුම් තවදුරටත් අවශ්‍ය නිර්ණායක සපුරාලන්නෙ නැතිනම් ඒවා ඉවත් කරන බවයි.
සමාගම් දෙකම මෙම තීරණය ගැනීමට හේතුව පරිශීලකයන්ගේ ආරක්ශාව තහවුරු කිරීමට බව ඔවුන් පවසනවා. පැරණි යෙදුම් වල වැඩි දියුණු කල ආරක්ශාවක් නොමැති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම පැරණි යෙදුම් වල නව යෙදුම් වලට වඩා ආරක්ශක දෝශ ඇතුළත් විය හැකියි.
මේ අතර සමහර සංවර්ධකයින් මෙම තීරණය ගැන පැමිණිලි කර තිබෙනවා.ඒ සමහර සංවර්ධකයින් ක්‍රීඩාවක් නිකුත් කල විට ඒ සදහා භාගත කිරීම් අල්ප ප්‍රමාණයක් එන නිසායි.
කෙසේ වෙතත් සමාගම් දෙකම මේ පැමිණිලි ගැන තැකීමක් කර නැති අතර පරිශීලකයන්ගේ ආරක්ශාව තහවුරු කිරීම සදහා මෙය ඉදිරියේදි ක්‍රියාත්මක කරන බව ඔවුන් පවසනවා.











Leave a Reply
View Comments