මීට පෙර 2021 දී android device සදහා පහර දෙන ERMAC කියන malware එකක් සොයා ගනු ලැබුවා. දැන් Android device ඉලක්ක කරන භයානක password steals malware එකක් සයිබර් ආරක්ශණ විශේෂඥයන් විසින් අනාවරණය කරගෙන තිබෙනවා.
ESET හී සයිබර් ආරක්ශණ විශේෂඥයන් විසින් සොයාගෙන ඇති මෙම නව bank trojan හී නව අනුවාදය ERMAC 2.0 ලෙස නම් කර තිබෙනවා. මෙම malware එක යෙදුම් 467 හරහා පරිශීලකයන්ගේ credentials සහ bank informations ලබා ගැනීමට android devices ඉලක්ක කරනු ලබනවා.
ERMAC 2.0 විසින් ජනප්‍රිය සහ අව්‍යාජ යෙදුම් ලෙස පෙනී සිටිමින් android devices සදහා පහර දෙනු ලබනවා.
malware භාවිතා කරන්නන්ට මෙම malware එක මාසයකට $ 5,000 වැනි මුදලකට කුලියට ලබා ගත හැකි බව cyble research labs මගින් සොයාගෙන තිබෙනවා.
2021 අගෝස්තු මාසයේදි ERMAC 1.0 අනුවාදය යෙදුම් 378 භාවිත කර ඇති අතර මාසයකට $3,000කට කුලියට දී තිබෙනවා.
ERMAC 2.0 ක්‍රියා කරන්නේ කොහොමද ?

ඔබ ERMAC සහිත යෙදුමක් install කල විට එය විසින් permission 42ට වැඩි ප්‍රමාණයක් ඉල්ලා සිටිනවා. මෙම permissions enable කළ විට ඔවුන් හට ඔබගේ දුරකථනයේ සම්පූර්ණ පාලනය ලබා ගත හැකිය. එසේම ඔවුන්ට SMS access ,contact access,audio recording and full storage reading & writing access ලබා ගත හැකි වෙනවා.
මෙයින් ආරක්ශා වීමට නම් google play store තුලින් පිටත යෙදුම් install කිරීමෙන් වැළකී සිටිය යුතු අතර google play store තුළින් app install කිරීමේදි ඉල්ලා සිටින permissions ගැන සැළකිලිමත් වන්න.











Leave a Reply
View Comments