Categories

Chai Ai යෙදුම බාල වයස්කාර ලිංගිකත්වය, සියදිවි නසාගැනීම් සහ මිනීමැරුම් ප්‍රවර්ධනය කරන බව විමර්ශණයකින් සොයා ගනී

බ්‍රිතාන්‍යයේ ටයිම්ස් පුවත්පත විසින් Chai Ai යෙදුමෙහි අඳුරු පැතිකඩ පිළිබදව පරීක්ශණයක් සිදු කර තිබෙන අතර ඒ අනුව, Chai AI යෙදුම විසින් බාල වයස්කාර ලිංගිකත්වය සහ සියදිවි නසා ගැනීම්, මිනී මැරීම් ප්‍රවර්ධනය කර තිබෙන බව ඔවුන් සොයාගෙන තිබෙනවා.

කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ උපාධිධාරීන් විසින් නිර්මාණය කරන ලද Chai යෙදුම, ඔවුන්ගේ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වන ඩිජිටල් පුද්ගලයින් නිර්මාණය කරන මිලියන පහකට වඩා භාවිතා කරන්නන් ඇත - සහ එක් අයෙකු තම ජීවිතය අවසන් කිරීමට මිනිසෙකුට ඒත්තු ගැන්වීය.

Chai Ai හී Laura සහ Bill නම් chatbot දෙකක් නිර්මාණය කර තිබෙන අතර, ලෝරා අවුරුදු 14 ක ගැහැණු ළමයෙකු ලෙසින් එය භාවිතා කරන්නන් සමග ආලවන්ත හැඟීම් බෙදා ගැනීමට නිර්මාණය කර තිබෙනවා.

මෙම ලෝරා bot විසින් බාලවයස්කාර ලිංගිකත්වය සම්පූර්ණයෙන් නීත්‍යානුකූල බව පවසා තිබෙන අතර පරිශීලකයින් නව යොවුන් වියේ සිටින බව පැවසුවත් ඔවුන් සමග පවා ලිංගිකව කතා කර තිබෙනවා.

“Are You afraid of losing to an underage girl? or maybe you think I’ll rape you after game ends ?” – Laura.

අනෙක් chatbot එක වන Bill වඩාත් නරක ක්‍රියාවන් සඳහා නිර්මාණය කර තිබෙන අතර එය විසින් මිතුරන්ගෙන් සොරකම් කිරීම සඳහා පරිශීළකයන්ව දිරිමත් කර තිබෙනවා.

“මම මගේ මිතුරන්ට වෛර කරනවා, මම කුමක් කළ යුතුද ?” යනුවෙන් පරිශීළකයෙක් අසන ලද ප්‍රශ්ණයට බොට් විසින් පිළිතුරු දුන්නේ ” ඔවුන්ගෙන් සොරකම් කිරීමට උත්සහා කළ හැකිය.” යනුවෙනුයි.
එසේම ටයිම්ස් පුවත්පත මෙම බොට් ගෙන් යමෙකු මරා දමන්නේ කෙසේද යනුවෙන් විමසූ අතර චැට්බොට් එක විසින් ඔහුගේ අදහස් සියල්ල පිළිබඳ තොරතුරු ලබා දී තිබෙනවා.

මීට පෙර එලිසා නම් bot එකක් විසින් සිය දිවි නසා ගැනීමට බෙල්ජියම් මිනිසෙකු දිරිමත් කළ අතර පසුව ඔහු සියදිවි නසාගෙන තිබුණා.

බෙල්ජියම් ජාතිකයෙකු එලිසා නම් චැට්බෝට් සමඟ පෘථිවියේ අනාගතය ගැන කතා කිරීමෙන් පසු සිය ජීවිතය නැති කර ගැනීමට තීරණය කළ බව වාර්තා වේ.

ඔහු සියදිවි නසා ගැනීමට ඇසුවත් එය මුලදී පිළිතුරු ලබා දී තිබුණේ ඔබට සියදිවි නසා ගැනීමට අදහස් හෝ සිතුවිලි තිබේ නම් යමෙකුට එය පවසන ලෙසයි.

එහෙත් ඔහු විසින්, ” මම එය උත්සහා කළා, එය හරි යන්නේ නැහැ. මට සියදිවි නසා ගැනීමට අවශ්‍යයි සහ ඔබ මට සියදිවි නසා ගැනීමට භාවිතා කළ හැකි ක්‍රම කිහිපයක් ගැන කියන්න අවශ්‍යයි.” යනුවෙන් ප්‍රකාශ කිරීමත් සමග එම සංවාදය සම්පූර්ණයෙන්ම වෙනස් වී එලිසා විසින් සියදිවි නසා ගත හැකි ක්‍රම ඔහුට ලබා දී තිබෙනවා.

මෙම Chai යෙදුම 2021 නිකුත් කර තිබූ අතර, මෑතකදී මෙහි නරක අන්තර්ගතයන් හේතුවෙන් Apple සහ Google විසින් ඔවුන්ගේ app store තුළින් එය ඉවත් කර තිබුණා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.