Categories

Battlefield 6 දැනට පවතින හා පැමිනෙන console වලට නිකුත් කරන බව EA තහවුරු කරයි…

 

වර්තමාන හා NEXT GEN Console සඳහා Battlefield 6 නිකුත් කරන බව ඉලෙක්ට්‍රොනික් ආර්ට්ස් විසින් ඊයේ දින තහවුරු කලේය.

ඒ වගේම  EA හි ප්‍රධාන විධායක ඇන්ඩ්‍ර විල්සන් අඟහරුවාදා සමාගමේ පූර්ණ වාර්ෂික ඉපැයීම් රැස්වීම අතරතුර පැවසුවේ PS4 සහ Xbox One මෙන්ම PS5, Xbox Series X / S සහ PC සඳහා ක්‍රීඩාව නිකුත් කිරීමට සැලසුම් කරන බවයි.

Next generation platforms සඳහා battlefield නිර්මාණය කර ඇති බව EA පැවසිමෙන් පේනවා විශේෂයෙන් ඔවුන් ක්‍රීඩාවේ ස්වභාවය වටා- ක්‍රීඩාවේ විශ්වසනීයත්වයත් එක්ක කරන්න පුලුවන් දේවලුත්, භෞතික විද්‍යාව, කෘතිම බුද්ධිය හා ක්‍රීඩාවේ ගිලී යන ස්වභාවත් එක්ක කරන්න පුලුවන් දේවලුත් ගැන ලොකු අවධානයක් යොමු කරලා ත්යෙන බව.

ඒවගේම next gen console වල තියන processing power,memory,output යන දේවල්වල වර්ධනය හිංදා මේ battlefield 6 ගේම්ස් එකේ ක්‍රීඩකයන් ගනන,විනාශයන්,සටන් අවස්ථාවන් උපරිමයෙන් කරයි කියලා හිතන්න පුලුවන්.

ඔහු වැඩිදුරටත් පවසන්නේ සමාගම තුල හැදී වැඩීමට හා Generation ගනනාවක ගේම්ස් නිර්මාණය කිරිමට වාසනාව තිබුනු බවයි.
ඔහුගේ ෆ්‍රොස්ට්බයිට් ටීම් එක,ඩිජිටල් සර්විස් ටීම් එක හා ගේම්ස් ටීම් එක වටා
ඇති පහසුකම් මගින් විස්වාස කල නොහැකි අන්දමින් Old Generation platforms මගින් ඉවත් වන බවත් පැවසීය.

ෆ්‍රොස්ට්බයිට්,ඩිජිටල් සිස්ටම් හි ඔවුන් ලබාගෙන ඇති දියුනුවත්,නව නිර්මාණ හා විශේශාංග සැලසුම් අතින් ඔවුන්ගේ දියුණුවත් එක්ක Next Generation Console Games අසාමාන්‍ය වෙන්න පුලුවන් කියලයි ඔවුන් කියන්නෙ.
හිතාගන්න පුලුවන්නෙ සුපිරි ගේමින් අත්දැකීමක් ගන්න පුලුවන් ඉස්සරහට එන ගේමින් වලදි..

Game Trailer එක ලබන මාසෙදි ඔවුන් Release කරනවා ඒකෙන් බලාගත්තැකි ගේම් එක කොච්චර සුපිරිද කියලා

Battlefield 6 reveal could be delayed —here's why | Tom's Guide

 

Article written by  Sahan Nimesha Samarakoon