Categories

Banned වුන Whatsapp account ආපසු ගැනීමට Whatsapp ගෙන් විශේෂාංගයක්.

Whatsapp තුලට මෑතක ඉදන් හුගක් විශේෂාංගයන් එකතු කරනු ලැබුවා. එමෙන්ම පසුගිය දිනක Group call feature එකක් හා ප්‍රතිනිර්මාණය කල call UI එකත් Whatsapp විසින් එලිදැක්වුවා.
දැන්, වට්ස්ඇප් Banned වුන Account ආපසු ගැනීමට ඉඩ සලසන නව අංගයක් පරික්ෂා කරමින් සිටිනවා.

මුලින් WABetaInfo විසින් සොයා ගනු ලැබු මෙම අංගය දැනටමත් Ban කරලා තිබෙන Account එකක් ආපසු ගැනීමට ඉල්ලීම් කිරීමට ඉඩලබා දෙනවා.
ඒ වගේම මේකෙදි unban වෙන්නෙ මුලින් වැරදීමකින් Account එක Ban වෙලා තිබුනොත් විතරයි.

ස්වයංක්‍රීය පද්ධතිය මගින් Account එකක් Ban වුවහොත් ඇප් එක ඕපන් කරද්දි “Request a Review” කියලා Option එකක් පෙන්නනවා.

මේ option එකට ගියාම Account review initiation එකක් Whatsapp එකට යනවා.
ඒ වගේම මේකෙදි පරිශීලකයන්ට තම අමතර අදහස් එකතු කිරීමේ හැකියාවත් පවතිනවා.
Banned account එක හා device information චෙක් කරන්න සමාගමට අඩුම පැය 24ක් වත් ගතවනවා.

රිවීව් එකට අනුව වට්ස්ඇප් මගින් account එක යථාතත්වයට පත් කරන්න හෝ සම්පූර්ණයෙන් Ban කරන්න කටයුතු කරනු ලබනවා. Banned account එක සේවා කොන්දේසි වලට අනුකූල වුනොත් ආපහු verify කරන්න Option එකක් පරිශීලකයට ලබාදීමක් සිද්ද වෙනවා.

ඒ වගේම මේකෙදි කලින් තිබුන Chat මකා දැමිමකින් තොරව ලබාගැනීමටත් හැකියාව ලැබෙනවා.

මෙය දැනට සංවර්ධනයේ පවතින නිසා ඉස්සරහට Update එකක් සමගින් Whatsapp වෙත ලබාදෙන්න නියමිත වෙනව.