Categories

වට්සැප් ගිණුම් මිලියන දෙකක් අවහිර කෙරේ

වට්ස්ඇප් ගිණුම් මිලියන දෙකක් අවහිර කිරීමට පසුගිය මැයි සහ ජුනි මාසවල පියවර ගත් බව වට්ස්ඇප් විසින් දැනුම් දීලා තිබෙනවා.

එසේ අවහිර කර ඇත්තේ ඉන්දීය පරිශීලකයින් විසින් භාවිත කළ ගිණුම් බව සඳහන් කරලා තියෙනවා.

වට්සැප් සමාගම සදහන් කරලා තිබ්බේ එසේ ගිණුම් අත්හිටුවනු ලැබූ පරිශීලකයින් සීමාව ඉක්මවා පණිවිඩ නැවත නැවතත් අන් අයට යැවීම නිසා එම තීරණය අරගත්තා කියලායි.
මෙසේ නැවත නැවතත් යවා ඇති බොහෝ පණිවිඩ හානිකර හෝ අනවශ්‍ය ලෙස වර්ගකර තිබුණා.

වට්ස්ඇප් පණිවුඩ හුවමාරු සේවය සතු විශාලම පරිශීලකයින් සංඛ්‍යව වාර්තා වන්නේ ඉන්දියාවෙනි. එය මිලියන 400කි.
ඉන්දියාව විසින් මෑතකදී ගෙන ආ තොරතුරු තාක්ෂණ නීතීන්ට අනුව ඉදිරිපත් කර ඇති “අනුකූලතා” වාර්තාවේ මේ පිලිබදව සදහන් වෙනවා.