දැන් හැමෝම කතාවෙන මාතෘකාවක් තමයි Android 12 කියන්නෙ.
Google කොහොමහරි අවසානෙට Android 12 බිටා එක පික්සල් ඩිවයිස් වලට නිකුත් කරලා තියනවා.
ඉතින් මේ ලිපිය Android 12 feature ගැන දැනගන්න කැමති ඔයාලට.
මේක කොටස් දෙකකට පලකරන්නෙ දැනට Android 12 build හි තියන feature හා ඉදිරියේදි පැමිනෙන feature කියලා
???????? ???? ?? ??????? ??????? 12
(Android 12 හි දැනට තියන features )
1.Improved Notification shade
කලින් ඇන්ඩ්‍රොයිඩ් update වල වගේම Android 12 වල notification shade එකට ලොකු දියුනුවක් දිලා තියනවා.
Google material design language එක තමයි බීටා බිල්ඩ් එකේදි පෙන්නන්නෙ.ඒක මුලිකවම notification shade එක හා quick settings පැනල් එක වෙනස් කරලා තියෙනවා බලාගන්න පුලුවන්.
ඒවගේම හැම notification එකකම Snooze බටන් එකක් එනවා. ඒකෙන් ඒවා මිනිත්තු15, මිනිත්තු 30 හෝ පැය 2 ක් Snooze කරන්න පුලුවන්.

2.Redesigned Quick settings
Quick settings පැනල් එක මුලුමනින් වෙනස් වෙලා කිව්වොත් හරි. 12 වලදි සුපුරුදු QS Toggle ඉවත් කරලා ටිකක් ලොකු Toggles ඇඩ් කරලා තියනවා.
Android 11 වලදි Quick settings පැනල් එකේ පේලි 3 ඉදලා 2ට අඩුකරා ඒකෙ ප්‍රතිඵලයක් විදියට බොත්තම් 9ක් වෙනුවට ආවෙ 6ක්. කෙහොම උනත් Android 12 බීටා වල එක් තිරූවක බටන් 2කින් යුක්තව පේලි 4කින් බටන් 8ක් දක්නට ලැබෙයි.

මීට අමතරව “off” එකේ තියන ටොගල් වල එලියෙහි වෙනසක් කරලා තියෙනවා.
උදා.විදියට ඔයා color එක නිල් පාට දාලා තියනවන් off කරලා තියන බටන් සුදුපාටටහුරු නිල් පාටකින් තමයි පෙන්නන්නෙ. ඒකෙන් consistency එක වැඩි කරනවා.
ඒවගේම brightness එක ඉක්මනින් අඩු කරගන්න “Extra dim” accessibility feature එකට අලුතින් ටොගල් එකක් ඇඩ් කරලා තියනවත් බලාගන්න පුලුවන්.
3.Media Player Revamp
Media player එකටත් විශාල මුහුනුවරක් ලැබිලා තියනවා Android 12 එකෙන්. මේකෙන් Album artwork වලට වැඩි අවදානයක් දීලා තියනවා වගේම media control සයිස් එකත් ටිකක් ලොකු කරලා තියනවා.
මීට අමතරව දකුනු කෙලවරේ උඩින් headphone එකක මාර්ක් එකක් දාලා තියනවා. ඒක ටච් කරලා bluetooth headphone එක්ක quickly pair කරගන්න පුලුවන්.

ඒවගේම settings වලින් විශේෂිත music ඇප් disable කරලා දාන්න පුලුවන්.
Media Player interface එකේ පෙන්නන ඇප් තෝරගන්නත් අපිට පුලුවන්.

4.One handed mode
අවසානෙට onehand mode එක Android 12 එකට ඇවිල්ලා තියෙනවා.මේක Apple ios 14 ට සමාන වෙනවා.
මේකෙන් වෙන්නෙ ඩිස්ප්ලේ එකෙන් බාගයක් විතරක් use වෙන එක.
මේක enable කරන්න” Settings -System-Gestures – one handed mode”


මේක use නොකර ඉද්දි off උනොත් ඔයාලට timeout option 4ක් පෙන්නනවා.
Never ,4 second, 8 second සහ 12 second විදියට.

5.Redesigned Lock Screen
මේකනම් ඔයාලා දකින්න ඇති Google I/O
2021 event එකේදි,
Pending මැසේජ් නැතිඋනාම lock screen එකේ මැදින් ටයිම් එකයි උඩින් පොඩිවට ඩේට් එකයි ඩිස්ප්ලේ වෙනවා.

ඒවගේම active notification එකක් තියනකොට වෙලාව තිරයේ වම්පස උඩින් ඩිස්ප්ලේ වෙනවා.

තවත් කැපීපේන වෙනසක් වෙන්නෙ lock screen එකේ pin,pattern වල UI එක වෙනස් කරලා තියනවා.emergency call බටන් එකත් කැපිලා පේනවා. Pattern lock එකේදි පැටන් එක අදින රටාව ටිකක් ඝනකමින් යුක්ත වෙනවා.

6.Revamped Settings app
මේක වඩාත්ම සුදුසුවෙන්නෙ onehand එකේදි.හැම සෙටින් මෙනු එකකම යටින් තියන වචන මේකෙදි අයින් කරලා තියනවා බලාගන්නත් පුලුවන්.

7.New Sparkly Ripple Animation
මේකෙදි හැම මෙනු එකක්ම,ටොගල් එකක්ම ටැප් කරද්දි cool sparkly ripple effects animation එකක් දිස්වෙනවා.
ඒත් මේක තවම custormization කරලනම් නැහැ. (ඔයාලට ඔිනි effects එක දාන්න බැහැ)

8.share Wi Fi password with nearby share
Android 12 වලදි අනික් android ඩිවයිස් එක්ක wifi password ශෙයාර් කිරීම වැඩි දියුනු කරලා තියනවා. Password share කරන්න ඔයාට nearby share එක use කරන්න පුලුවන්.
Nearby share එක ඩිස්ප්ලේ වෙනවා QR code generation පේජ් එකේ . ඔයාලට nearby බටන් එක ටැප් කරලා access වෙන්න පුලුවන්.

9.Revamped Widgets page
ඇන්ඩ්‍රොයිඩ් හුග කාලෙක ඉදන් Widgets නොසලකලා තිබුනත් ios 14 widget සහය ගන්නවත් එක්කම android 12 widgets අත්දැකීම වැඩිදියුනු කරන්න කටයුතු කරලා තියනවා.
ඉතින් android 12 වල අලුත් widgets picker UI එකක් තියෙනවා.

මේකෙදි ඒ ඒ ඇප් අරගනෙ තියන widgets ගනන පෙන්නවා වගේම උඩ search bar එකෙන් අපිට ඕනි widgets එක හොයාගන්නත් පුලුවන්.
මේ වසර අගදි material You design ක්‍රීයාකාරිත්වයත් එක්ක හුගක් App makers ලා අලුත් design language එකකට ඔවුන්ගෙ Widgets ප්‍රතිනිර්මාණය කරයි කියලා හිතන්න පුලුවන්. ඒක එහෙම උනොත් material you Widgets එක Android 12 වල තියන හොදම ෆීචස් එක කියලා කියන්න පුලුවන්.
10.Splash Screen for apps
මෙහෙයුම් පද්ධතිය පුරාම consistency එක දියුනු කරන්න සෑම ඇප් එකක් සදහාම splash screen එකක් පෙන්වයි.

11.Hold for Assistant
පවර් බටන් එක hold කරගෙන ඉදලා assistant එක ක්‍රියාත්මක කරන්න පුලුවන්. මේ ෆීචස් එක ආදේශ කරන්නෙ
Power menu controls සහ card & pass වලට.

12.Markup Tool Improvements
Google විසින් markup tool එක වැඩිදියුනු කරලා තියනවා. මේකෙන් අපිට photo වලට අකුරු එකතු කරන්න පුලුවන්.
අමතරව gallary එකෙන් markup tool එක photo එකක් import කරලා edit කරගන්නත් පුලුවන්.
පොටෝ එක share කරන තැනට ගිහින් edit option එක දෙන්න ඕනි.

First developer preview එකට imoji support කරත් google විසින් DP2 හි imoji එකතු කිරිමෙ හැකියාව අයින් කරලා තියනවා. බොහෝවිට ඉදිරියේදි එන build වල imoji support කරයි කියලා අපේක්ෂා කරන්න පුලුවන්.
13. Wallpaper based Theming System
Google මේ වෙනකොට “Monet” code නේම් එකෙන් යුක්ත Wallpaper based Theming system එකක වැඩකරමින් ඉන්නවා.
මෙය Material you design හි කොටසක් ලෙස Google I/O හ් විශේෂාංගය ප්‍රකාශකරලා හිංදා future build වල මේක default enable කරන්න ඕනි.
මේක මුලින් Google pixel device වලට ඇවිත් පසුව වෙනත් OEM device වලට යොමු වෙනවා කියලා තමයි කියන්නෙ

14.Privacy Dashboard and Privacy Indicators
Google විසින් camera,microphone,location සහ අනික් permission වලට ඇක්සස් උනු ඇප් වල විස්තර ලේසියෙන් users ලට ගන්න එක ලේසි කරනවා.
Android 12 වල “Privacy Dashboard” එකක් ඇඩ් කරලා තියනවා. මේකෙන් අපෙ දත්ත වලට access උන සේරම ඇප් Time එකත් එක්කම පෙන්නනවා.

Leaked උනු screenshot වල තිබුනු විදියට Google, අපෙ කැමරාව හරි මයික්‍රපෝනය හරි භාවිතයෙ තියනකොට privacy indicators ඩිස්ප්ලේ කරනවා.
ඒ වගේම මේවා අයින් කරන්න ටොගල් දෙකක් බලාගන්න පුලුවන් Quick settings පැනල් එකේ.
15.Clipboard Access Alerts
IOS 14 , Clipboard access alerts වගේ ඇප් එකක් අපෙ clipboard එකට access වෙන හැම වෙලේම toast notification එකකින් අපිව දැනුවත් කරනවා.

16.People Space Widgets
මේ Widgets එක භාවිතා කරලා අපිට recent messages,missed calls සහ contact වල activity status track කරන්න පුලුවන්.

???????? ???????? ?? ??????? 12
මෙතන ඉදන් තියෙන්නෙ ඉදිරයෙදි එන්න නියමිත Feature ටික.
මේවා සේරම වසර අවසානෙදි නිකුත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
ඒකත් ඔලුවෙ තියාගෙන දැන් බලමු මොනාද එන්න තියන featurs කියලා
17. Scrolling Screenshots
Android 12 වල scrolling screenshots ගන්න පුලුවන්. ඉතින් ඔයාල අරන් තියන Scrolling Screenshots apps අයින් කරන්න පුලුවන් මේ ෆීචස් එක හිංදා ,
තාමත් වැඩ කරගෙන ගියත් මේකඉක්මනටම එයි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්.
18.App Installation Indicator on Home Screen
ios කෙලින්ම කොපි කරා වගේ Google දැනට install වෙමින් තියන app වල icon Home screen එකේ පෙන්නනවා.

19. Game Dashboard
ගූගල් Game dashboard widgets එකතු කරලා තියනවා බලාගන්න පුලුවන්.
මේකෙන් ගේමර්ස්ලට Youtube හරහා Live stream කරන්න,Screenshot ගන්න ,screen record කරන්න, FPS counter එක විව් කරන්න හා DND mode එක active කරන්න
වගේ හුගක් දේවල් පුලුවන්.

20.Face based Auto rotaion
මේකෙන් මුහුණ හදුනගෙන Screen rotaion එක සකසයි. ඔබ තිරය දිහා බලන් ඉන්නකොට front camera හදුනගෙන screen orientation එක සකසයි.











super
01