GitHub විසින් VS Code සඳහා ඔවුන්ගේ Copilot free version ලබා දී තිබෙනවා. ඒ අනුව සියළුම VS Code පරිශීළකයන් හට trial, subscription, credit card නොමැතිව ඔවුන්ගේ GitHub ගිණුම හරහා පමණක් මෙය භාවිතා කළ හැකි වෙනවා.

මෙම free version හරහා පරිශීළකයන් හට 2000 code completions/month සහ 50 chat requests/month ලබා දී තිබෙන අතරම GPT-4o සහ Claude 3.5 Sonnet models සඳහා access ද ලබා දී තිබෙනවා.
VS Code title bar හී ඇති GitHub Copilot icon එක click කර පසුව පැමිණෙන sidebar එක හරහා GitHub ගිණුම මගින් sign in වීම හරහා ඔබට පහසුවෙන්ම VS Code තුළින්ම Copilot free version භාවිතා කළ හැකි වෙනවා. මේ හරහා ඔබට edit with copilot (copilot විසින් අදාල file එක තුලම code generate කරනු ලබන්වා) සහ chat with copilot(මේ හරහා code ගැටළු සහ අනෙකුත් දෑ දැනගත හැකි වෙනවා ) සහ තවත් බොහෝ features භාවිතා කළ හැකි වෙනවා.











Leave a Reply
View Comments