Categories

Microsoft Edge විසින් Android සඳහා PDF Copilot ඇතුළු AI feature කිහිපයක්ම නිකුත් කිරීමට සූදානම් වෙයි

Microsoft විසින් Android හී Microsoft Edge සඳහා නව “Copilot” එකතු කරමින් විශාළ යවත්කාලීනයක් ලබා දීමට සැලසුම් කරමින් සිටිනවා.

ඒ අනුව ඔවුන් නව Update එකක් බීටා පරිශීලකයන් වෙත නිකුත් කරමින්, Android හී microsoft Edge තුළ ඇති Edge button එක microsoft copilot සමග ප්‍රතිස්ථාපනය කර තිබෙනවා.

Microsoft Edge Copilot
මෙම නව copilot icon එක tap කිරීම හරහා පරිශීළකයන්ට ඕනෑම වෙබ් අඩවියක් සමග සම්බන්ධ විය හැකි අතරම, Windows 11 සඳහා ලබා දී ඇති Microsoft Edge sidebar විශේෂාංගයට සමානව web pages වල සාරාංශයක් ලබා ගැනීම දක්වා Android හී copilot භාවිතා කළ හැකි වෙනවා.

එසේම Android හී Edge සඳහා PDF copilot සහයද ලබා දී තිබෙන අතර, මේ හරහා පරිශීළකයන්ට ඔවුන්ගේ දිගු PDF සාරාංශයක් ලෙස ලබා ගත හැකි වෙනවා.

Microsoft Edge PDF Copilot

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.