ජපන් නිර්මාණකරුවන් විසින් දැවැන්ත පාවෙන නගරයක් නිර්මාණය සඳහා සැළසුම් කරමින් සිටිනවා. සංවර්ධක N-Ark ප්‍රකාශ කරන්නේ “Dogen city” ලෙස හඳුන්වන මෙම දැවැන්ත නගරය මිනිසුන් 40,000 කට ස්වයංපෝශිත වාසස්ථානයක් සපයන බවත් ඉන් 4න් එකකට ස්ථීර පදිංචිය ලැබෙන බවයි.
මෙහිදී නගරය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වන අතර පළමු කොටස, ප්‍රධාන ජීවන ප්‍රදේශ, ජලය,අපද්‍රව්‍ය සහ බලශක්තිය සඳහා පහසුකම් සහිත පිටත වළල්ලකින් සමන්විත වෙනවා.

වළල්ල ඇතුළත එහා මෙහා යා හැකි පාවෙන ගොඩනැගිලි ඇති අතර බෝට්ටු හරහා එහි පදිංචිකරුවන්ව නගරය වටා ගෙන යනු ලබනවා.

එසේම පහළ ජලයේ දත්ත මධ්‍යස්ථානයක් සහ වෛද්‍ය පර්යේශණ පහසුකම් වලින්ද සමන්විත වෙනවා.
නගරයේ පිටත රාමුව නැවක හැඩයෙන් යුක්ත වන අතර එය සුනාමි ආපදා වලට එරෙහිව ආරක්ශාවක් ලෙස ක්‍රියා කරන බවට නිර්මාණකරුවන් සඳහන් කරනවා.

නගරය තුළ ක්‍රීඩාංගනයක්, පාවෙන උද්‍යාන සහ හෝටල් පවා අඩංගු වන අතර කෘෂිකාර්මික ක්‍රමයක් යොදාගෙන මුහුදු ජලය හරහා නගරය ඇතුළත නැවුම් එළවළු පවා වගා කෙරෙනවා.
Dogen city අනාගතයේදී ස්වභාවික විපත් සහ දේශගුණික බලපෑම් වලට ලක්වූ සරණාගතයින් සඳහා පහසුකම් සපයනවා.
N-Ark විසින් ඔවුන්ගේ සංවර්ධන මාර්ග සිතියම නිම කිරීමට 2030 වසර වෙන් කර තිබෙන අතර ව්‍යාපෘතියේ අය වැය හෝ යෝජිත ස්ථානය පිළිබඳ නිශ්චිත තොරතුරු ඔවුන් තවමත් නිකුත් කර නැහැ.











Leave a Reply
View Comments