Categories

Windows 10 හි අවසානයද..?

Microsoft විසින් වින්ඩොස් 11 නිකුත් කිරීමත් සමග තම සියලු පරිශීලකයන් හට වින්ඩොස් 11 වෙත ප්රවේශ වීමට යම් යම් බලහත්කාරකම් වගේම උත්ප්රේරකයන්ද සිදු කලා. පරිශීලකයන් වැඩිම ගණනක් භාවිතා කල වින්ඩොස් 7 OS එක නැවැත්වීම එයට උදාහරණයක්.

Windows 7 සහය නැවැත්වීමෙන් පසු සමහර පරිශීලකයන් වින්ඩොස් 11 වෙත නොගොස් Windows 10 වෙත යොමු වූයේ තම පරිගණක වින්ඩොස් 11 සදහා සහය දැක්වීමට තරම් තාක්ෂණික දියුණුවක් නොමැති බැවින්. කෙසේ නමුත් වින්ඩොස් 11 වෙත යොමු වීමට තර්ජනාත්මක ලෙස Microsoft දැන් Windows 10 සදහාත් එහි සහය නැවැත්වීමට සුදානම් වනවා.

ඒ අනුව Windows 10 හි නවතම අනුවාදය වන 22H2 එහි අවසාන අනුවාදයද වනු ඇති බව බ්රහස්පතින්දා Microsoft නිවේදනය කලා. මෙයට අනුබලයක් ලෙසින් ජනවාරි මාසය තුල වින්ඩොස් 10 පිටපත් විකිණීම පවා අත්හිටවුවා. Microsoft දිගින් දිගටම Windows 10 පරිශීලකයන් හ⁣ට Windows 11 වෙත Update කරන ලෙස දන්වන අතර සමාගම පවසන්නේ සැම වින්ඩොස් 11 භාවිතා කරන්නෙක්ම සක්රීය පරිශීලකයෙක් ලෙස සියලු යාවත්කාලීනයන් අත්විදීමට ලබා දීමට මෙලෙස සිදු කරන බවයි.

කෙසේ නමුත් සියලු වින්ඩොස් 10 පරිශීලකයන්හට එලෙස සිදු කල නොහැක්කේ ඔවුන්ගේ පරිගණක ඒ සදහා සුදුසුකම් සපුරාලන නොහැකි නිසායි. එලෙස මාරුවිය නොහැකි පරිශීලකයන් හටද යම් සුභ ආරංචියක් ලෙසින් Microsoft පැවසුවේ ඔවුන් සම්පූර්ණයෙන්ම Windows 10 අත්හිටුවන්නේ නෙමෙැති බවයි. ⁣

Windows 10 සදහා 2025 ඔක්තොබර් 14 දක්වා ඔවුන් ආරක්ෂක යාවත්කාලීනයන් සමගින් මෙයට සහය දක්වන අතර දැනට අනෙකුත් Feature හා විනෝදාත්මක Updates ලබාදීමක් සිදු කරන්නේ නැහැ.ලෝකයේ පරිගණක තුලින් 73.46% ක් තවමත් වින්ඩෝස් 10 භාවිතා කරන පරිශීලකයන් වන අතර ඔවුන් හට Windows 11 වෙත ලගාවීමට හෝ තම පරිගණකය ගැලපෙන ලෙස Upgrade කිරීමට වසර දෙකහමාරක කාලයක් තිබෙනවා.

නමුත් මෙම වසර දෙකහමාර තුල ඔවුත් තවත් කුමන තර්ජනයක් එල්ල කරාවිද…?

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.