පසුගිය ඉරිදා දින වෙන්දේසියකදී විවෘත නොකල පලමු පරම්පරාවේ ඇපල් දුරකථනයක් ඩොලර් 60 000 කට අධික මුදලකට විකිණී තිබෙනවා.
දුරකථනයේ හිමිකාරිය වන කැරන් ග්‍රීන් හට ඇගේ යහලුවන් තැග්ගක් ලෙස 2007දී මෙම දුරකථනය ලබාදී තිබු අතර ඇය එය විවෘත නොකර තම අල්මාරියේ තබා තිබෙනවා.
පසුව මැතකදී විවෘත නොකල අයිෆොන් වෙන්දේසියක් ගැන දැන ගැනීමෙන් පසුව ඇය තම දුරකථනය ඉදිරිපත් කර තිබු අතර පසුව වාර්තා ගත ලෙස එයට ලංසු ඉදිරිපත් වී තිබෙනවා.
8GB storage එකකින් යුතු එහි මුල් මිල $599 වු අතර වෙන්දේසියේදී මුල් මිල මෙන් 100 ගුණයකටත් වඩා වැඩි මුදලකට මෙලෙස අලෙවි වී තිබෙනවා.
LCG Auctions විසින් පෙබරවාරි 2 වන දින වෙන්දේසිය හසුරුවන ලද අතර එය $2,500 කින් අරම්භව ලංසු 27 කින් පසුව අවසන් වි තිබෙනවා.
විශ්වාසවන්ත Apple ලෝලීන් මුල් නිෂ්පාදන සඳහා හොඳ මුදලක් ගෙවන බව කවුරුත් දන්නා කරුණක් වන අතර පසුගිය වසරේ, 1970 ගණන්වල මුල් ඇපල් පරිගණක මූලාකෘතියක් ඩොලර් 677,000 කට වඩා අලෙවි වුණා.
පළමු පරම්පරාවේ අයිෆෝන්, සමාන පෞරාණික තත්ත්වයෙන්, මීට පෙරද විකුණා තිබු අතර – එකක් අගෝස්තු මාසයේදී ඩොලර් 35,414 කට සහ තවත් එකක් ඔක්තෝම්බර් මාසයේදී ඩොලර් 39,339 කට විකුණා තිබුණා.











Leave a Reply
View Comments